Pay To View post එකක් හදමු.

Full Tutorial

 Tele Tips     Donations 

  මේ සම්පූර්ණ විස්තරයම කියවන්න කලින් , මම මේක කියල ඉන්නම්. අපි මේ Donations ඔක්කොම පාලනය කරන්නෙ @Donate කියන බොට් හරහා. ඉතින් ඔයාට කෙලින්ම ඒ bot ගෙ instruction ඔස්සේ වැඩේ කරගන්න තේරෙනව නං , මේකට වෙලාව නාස්ති නොකර බොට්ගෙන් ඔයාගෙ චැනල් එකත් donation වලට verify කරගන්න.

ඔයාලට මේ කියන්න යන දේ ගැන මෙලෝ අවබෝධයක් නැත්තං මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. Link :- Click here

අනිත් කාරණය තමයි , මම දන්න විදිහට ඇපල් සමාගමයි , ටෙලිග්‍රෑම් නිර්මාතෘගෙයි සීතල යුද්ධය නිසා සහ , ඇපල් සමාගමෙන් අය කරන 30%ක බද්ද නිසා ඇපල් device වලින් මේවට ගෙවන්න බෑ.

මූලික සුදුසුකම් :-

අපි මේ පහසුකම යොදාගන්නෙ private හෝ public චැනල් එකකට donations / ආධාර ලබා ගන්න. ඉතින් මේ donation පහසුකම භාවිත කරන්න , ඔයාට මේ මූලික සුදුසුකම් කීපය තියෙන්න ඕනෙ.

  1. ඔයාට චැනල් එකක් තියෙන්න ඕනෙ (Owner)
  2. ඒ චැනල් එකේ subscribers ල 100ට වඩා ඉන්න ඕනෙ
  3. ඒ වගේම ඔයාගෙ චැනල් එක entertainment හෝ educational කාණ්ඩය යටතේ තියෙන එකක් වෙන්න ඕනෙ (Telegram algorithm එකකින් ඒක එයාලම හොයාගන්නවා)
  4. ඔයාට Id එකක් තියෙන්න ඕනෙ.
  5. ඔයාට බැංකු ගිණුමක් තියෙන්න ඕනෙ.
  6. ඔයාගෙ බැංකුවේ Swift/BIC code එක දැනන් ඉන්න ඕනෙ (මෙහි විස්තර කර ඇත)

  ඒ මූලික සුදූසුකම් ටික තියෙනව නං අපි දිගටම යමු එහෙනං. Step by steps යන්නෙ. ඔයාලගෙ පහසුවට telegram donation bot team එක විසින්ම සපයපු screen shots ටිකක් මම යොදාගන්නවා.

මෙම ඡායාරූප වල සියලුම අයිතීන් ඔවුන් සතුය. ලිපිය සඳහා යොදාගන්නේ , අධ්‍යාපනික අරමුණක් වෙනුවෙන් පමණි.

1. මුලින්ම @Donate බොට් වෙතට යන්න. ඒක start කරන්න.

   2. මේ බොට් හදල තියෙන්නෙ , ගෙවීම කරන්නාට(Follower) සහ ගෙවීම ලබන්නාට(creator) යන දෙදෙනාටම පාවිච්චි කරන්න. ඉතින් අපි දැන් කතා කරන්නෙ අපේ චැනල් එකකට ගෙවීමක් ලබාගන්නනෙ. ඔයා ඒ නිසා තෝරගන්න ඕනෙ "creator" කියන මාර්ගය.
උඩ පොටෝ එකේ තුන් වෙනි රූපයේ ආකාරයට එන බට්න් දෙකෙන් , "creator" කියන බට්න් එක ඔබන්න.

  3. දැන් බොට් ඔයාට දෙන instructions ඔස්සේ යන්න. (සිංහලෙන් සරලවම , මොකක් හරි දෙයක් වෙනකං okay කියන එක ඔබන් යන්න😅)

  4. දැන් මේ පහළ පොටෝ එකේ තියෙනව වගේ මැසේජ් එකක් එයි. (උඩින් තියෙන එක). අන්න ඒකෙ තියෙන /guide කියන එක හෝ , බොට් menu එකේ (key board එක එන තැනින් එන buttons ටික) තියෙන 🙏guide කියන එක ඔබන්න.

   5. දැන් ඔයාට කියනව , @Donate බොට්ව , ඔයාට donation ලබාගන්න අවශ්‍ය (ඔයා owner වෙන්න ඕනෙ) චැනල් එකට ඇඩ් කරන්න කියල. ඉතින් සාමාන්‍ය විදිහටම ඔයා බොට්ව ඒ අදාළ චැනල් එකට ඇඩ් කරන්න. (වෙන චැනල් වලට පස්සෙ ඇඩ් කරන්න. මුලින්ම එකකට ඇඩ් කරල ඉන්න). ඔයා Bot ට ලබාදෙන්න ඕනෙ Admin permissions ටික පහළ පොටෝ එකෙන් බලාගන්න.

  6. ඔයා බොට්ව අදාළ චැනල් එකේ ඇඩ්මින් කෙනෙක් හැටියට ඇඩ් කරපු ගමන් ඔයාට මැසේජ් එකක් එනව බොට්ගෙන්. (inbox bot චැට් එකට).

ඒකෙන් කියන්නෙ ඔයාගෙ චැනල් එක සාර්ථකව donation system එකට ඇඩ් කරපු බවත් , verification process එකට ඉස්සරහට යන්න ඕන්නං /register කියන කමාන්ඩ් එක දෙන්න කියලයි. දැන් ඔයාල ඒ කියන විදිහටම /register කියන කමාන්ඩ් එක හෝ , බට්න් මෙනු එකේ 👋register කියන බට්න් එක ඔබන්න.

ඊළඟට ඔයාලට එනවා බට්න් එකක් සහිත මැසෙජ් එකක්. ඒකෙ Tap here කියන තැන ඔබන්න.

   7. දැන් ඔයාලව එක්කන් යනව verification page එකට. ඒ පේජ් එක reload කරන්න හෝ වෙන මුකුත් කරන්න යන්න එපා. ටිකක් හොඳට සිග්නල් තියෙන තැනකට යන්න.

ඒ පේජ් එකේ උඩින්ම එන්නෙ ඔයාගෙ රට තෝරන්න කියල. සාමාන්‍යෙන් ඒක automatically ම sri lanka කියන එකට එනවා. එහෙම නැත්තං එතන country කියන එක ඔබල search කරල , රට තෝරන්න. Sri lanka කියල තිබ්බත් , ආපහු sri lanka කියන එක තෝරල ආපහු ඒකම select කරන්න. නැත්තං සමහර වෙලාවට ඉතුරු contact box ටික පෙන්නන්නෑ.

ඊළඟට payout setting වලදි bank card කියන එක තෝරල , ඔයාගෙ bank Details ටික දෙන්න.

මේ දේවල් ටිකත් මතක තියාගන්න,

  • ලිපිනය ලියනකොට ඔයාට පාවිච්චි කරන්න පුලුවන් | හෝ , සලකුණ විතරයි.
    ( 71/B වගේ ඉලක්කමක් එනව නං , ඒක 71 B කියල ටයිප් කරන්න.)
  • ඔයාට ඔයාගෙ postal code එක (ඔයාගෙ තැපැල් කාර්යාලයේ අංකය.) මතක නැත්තං එතනට 000 කියන අංකය දෙන්න. බොරු අංක දාන්න යන්න එපා.
  • Account type එකට , Bank account number කියන එක තෝරන්න. එතකොට එතන අහනව BIC(SWIFT) code එකක් ගැන.
    අන්න එතනදි ඔයාගෙ ගිණුම තියෙන බැංකුවෙ BIC code එක දෙන්න ඕනෙ. ඒක් හොයාගන්න මේ link එකෙන් යන්න. එතන උඩම තියෙනව find a code කියල බට්න් එකක්. ඒකෙන් search swift code කියන එකට ගිහිල්ල රට , බැංකු නම ශාකාව දීල අදාල කෝඩ් එක අරන් donation verification පේජ් එකට දෙන්න.
පොටෝ එක👇

  8. දැන් ඔක්කොම විස්තර සම්පූර්ණ කරල submit කියන එක එබුවම ඔයාව එක්කන් යනව ආපහු bot ගෙ චැට් එකට. ඊළඟට ඔයාට එනවා මැසේජ් එකක් ඔයාගෙ id එකයි සෙල්ෆි එකකුයි ඉල්ලල.

ඒ මැසේජ් එකේ අග here කියන වචනෙන් තියෙන ලින්ක් එක ඔබන්න. (පහළ පොටෝ එකේ 1 රූපය)

ඊළඟට ඔයාව ආපහු අරන් යයි පේජ් එකකට. ඒකෙ ටික් දාන්න තැන් දෙකක් ඇති. ඒ දෙකට ටික් දෙකක් දාල Next ඔබන්න.

   9. දැන් ඔයාව අරන් යන්නෙ සෙල්ෆිය ගන්න තැනට. එතන i'm ready කියන එක ඔබන්න. දැන් ඒ පේජ් එක ඔයාගෙන් අහනව ඔයාගෙ ෆෝන් එකේ camera ව use කරන්නද කියල. ඒක allow කරල ඔලුවෙ දෙපැත්තයි , උඩයි යටයි හරවල හොඳ 3d පොටෝ එකක් දෙන්න එයාලට. හරියට ෆින්ගර් ප්‍රින්ට් එක තියනව වගේ. මූණෙ ඉදිරි භාගයේ අංශක 180ම කවර් වෙන්න ඔලුව හරවන්න හිමීට.

   10. ඊළඟට ඔයාගෙන් අහනව ඔයාගෙ id එකේ පොටෝ දෙකක්. ඉදිරිපස සහ පසුපස. මුලින්ම පේජ් එකේ උඩ අහන "id එක නිකුත් කරපු රට" කියන තැනට sri lanka කියන එක දීල , හොඳ clear , පොටෝ දෙකක් ඒ ඒ තැන් දෙකට upload කරන්න. (ෆ්ලෑශර් යූස් කරන්න එපා. තුසිත දෙවිලොව වගේ එලිය විහිදෙන්න නෙවේ ඕනෙ. එයාලගෙ algorithm එකට හොඳට scan කර්ගන්න පේන්න විතරයි)

ඒ වගේම පොටෝ එක සම්පුර්ණයෙන් අප්ලෝඩ් වෙනකං ඉන්න.

   11. ඒ ඔක්කොම කරල next එබුවට පස්සෙ එයාල කියනව registration in process කියල. දැන් ඔයාව ආපහු බොට්ගෙ චැට් එකටම අරන් එයි. ඒ එනකොට ඔයාට මැසේජ් එකක් ඇවිල්ල ඇති "Great you are almost done with.... බ්ලා බ්ලා බ්ලා" කියල මැසේජ් එකක්. (පහළ පොටෝ එකේ පළවෙනි මැසේජ් එක)

දැන් ඔයා ගිහින් තේකක් බීල කාල නිවිහැනහිල්ලෙ ඉන්න.

ටිකකින් ඔයාට මැසේජ් එකක් එයි "awesome you are verified බ්ලා බ්ලා බ්ලා" කියල. (පහළ පොටෝ එකේ දෙවනි මැසේජ් එක)

   12. දැන් එයාල මැසේජ් එකක් එවනව ඔයා කලින් එයාලට දීපු චැනල් එක review කරනව කියල.

දැන් ඔයා ටිකක් වෙලා බලන් ඉන්න. ඔයාගෙ චැනල් එකේ අනවශ්‍ය දේවල් තිබ්බොත් එයාල ඔයාට , donation පහසුකම දෙන්නෑ ඒ චැනල් එකට. එහෙම අවුලක් නැත්තං ඊළඟට බොට් ඔයාට මැසේජ් එකක් දෙනවා "Awesome! You may now collect donations..." කියල මැසේජ් එකක්. ඒ කියන්නෙ දැන් වැඩේ සාර්ථකයි. ඔයාට donation buttons සහ pay to view ආකාරයේ පොටෝ හදන්න පුලුවන්.

දැන් අපි pay to view ආකාරයේ පොටෝ එක හදමු.

හරිම සිම්පල් දැන්.

  1. ඔයාගෙ බොට්ගෙ dashboard එකේ (පහළින් එන menu button ටික) ✌profile කියන එක ඔබන්න.
  2. ඊළඟට 💰 Paid Content කියන එක ඔබන්න.
  3. ඊළඟට 🎥 New Content කියන එක ඔබන්න.
  4. දැන් ඒ එන චැනල් ලිස්ට් එකෙන් ඔයාගෙ චැනල් එක තෝරන්න.
  5. ඊළඟට ඔයාට pay to view ආකාරයට යවන්න ඕනෙ පොටෝ එක හෝ වීඩියො එක බොට් ට සෙන්ඩ් කරන්න. මතක ඇතුව එක පොටෝ එකක් විතරක් යවන්න.
  6. ඊළඟට එයාල අහනව currency එක (මුදල් වර්ගය) තෝරන්න කියල. එතනින් ඕනෙ එකක් තෝරල ඔබන්න.
  7. දැන් අවශ්‍ය ගණන බොට් ට ටයිප් කරල සෙන්ඩ් කරන්න. (ගාණ කීයද කියල) සහ ටෙස්ටින් කරනව නං " 1 " කියල සෙන්ඩ් කරන්න. දශම ගණන් සත ගනන් යවන්න එපා.
  8. ඊළඟට publish කියන බට්න් එක ඔබන්න. දැන් හරි වැඩේ. අදාළ පොටෝ එක pay to view ආකාරයට ඔයාගෙ චැනල් එකට වැටිල ඇති.

  ඒනම් එච්චරයි. වැඩේ තේරුනා කියල හිතනව. ප්‍රශ්නයක් ආවොත් @LearnBits චැනල් එකේ ඕනෙම පෝස්ට් එකකට comment එකක් විදිහට දාන්න. අදාල ප්‍රශ්නය විස්තර කරල (පොටෝ screen shots සහිතව) දානව නං වඩාත් ලේසී.

ඒ වගේම fu@k සිංහල tutorial , all my homies love ඉංග්‍රීසි tutorial කියල හිතෙන කෙනෙක් ඉන්නව නං මේ ලිපි දෙක කියවන්න.

 

හැමෝටම සුභ දවසක් !. යාලුවන්ටත් කියන්න. තවත් telegram updates ගැන තේරෙන විදිහට ඉගෙන ගන්න @LearnBits එක්ක එකතු වෙන්න. ලිපියෙ දෙයක් උපුටා ගන්නව නං ගන්න. කැමති නං අපිට credits දෙන්න. නැත්තං ඔයාලගෙ ලිපියක් වගේ පළ කරන්න ආපහු. කිසිම විරෝධයක් නෑ....!

Post a Comment

Previous Post Next Post

Contact Form