සමාජ ආශ්‍රයෙන් මිදුණ අපි ආපහු සමාජ ආශ්‍රයන් පටන් ගමු.

 
 Psycho Fact     LearnBits 

සමාජ කුසලතා වර්ධනය කරගමු.

 
රටේ තිබුණු ප්‍රශ්නත් එක්ක , පහුගිය කාලය තුළ අපි ගොඩක් සීමා උනා. කායිකව වගේම මානසිකව සහ සමාජිකව. ඉතින් අපේ ගොඩක් අය , සමාජයෙන් වෙන් වෙලා , කාමර වලට වැදිලා ෆෝන් එකේ හෝ වෙනත් විද්‍යුත් උපාංගයක ජීවත් වෙන්න පටන් ගත්තා.

මේක අපි ගොඩ දෙනෙක්ට ආපු පොදු ප්‍රශ්නයක් ඇත්තටම. මිනිස්සු හුඟක්ම සමාජ ආශ්‍රයෙන් මිදුනා. තනිකම කියන එක ලොකු නිදහසක් හැටියට හිතන්න පටන් ගත්තා. ඒ උනාට ඒක එහෙම වෙන්නෑ. පහුගිය දවස් වල ගොඩක් ළමයින්ගෙ එහෙම මානසික ගැටළු වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කලා.

ඉතින් මේ ගොඩක් දේවල් වලට හේතුව තමයි , මිනිසුන් සමාජ ආශ්‍රයෙන් මිදුන එක. මිනිසා කියන්නෙ සමාජශීලී සත්වයෙක්. හරියට හයිනා වගේ. කණ්ඩායමක් එක්ක ඉන්නෙ. මිනිසා කියන්නෙ සිංහයෙක් වගේ තනියම වෙසෙන සතෙක් නෙවෙයි.

ඉතින් අද අපි කතා කරමු , සමාජයෙන් පිටතට උන අපි , ආපහු සමාජ ආශ්‍රයන් පටන් ගන්නෙ කොහොමද කියල. ඒකට අපි සපුරාගතයුතු සහ අනුගමනය කරන්න ඕනෙ ක්‍රියාමාර්ග කීපයක් තමා මේ ලිපියෙක් කියන්නෙ. අපි මේවට කියනව සමාජ කුසලතාවන් කියල. අද අපි කතා කරමු ඒ වගේ , අපිට දියුණු කරගන්න පුලුවන් සමාජ කුසලතාවන් ගැන.

 

1. අනෙක් මිනිසුන් සමග ගැටෙන්න.

 
මේ කියන්නෙ අනිත් අය එක්ක වලි දාගන්න කියල නං නෙවෙයි. අපිට සමාජෙට එන්න බෑනෙ අපේ අගුල් ඇරගන්නැතුව. ඉතින් පළවෙනි පියවර විදිහට ඔයා , අනිත් මිනිස්සු එක්ක කතාබහ කරන්න ඕනෙ. අනිත් අය එක්ක හිනාවෙන්න ඕනෙ.

ඔයා ගොඩක් ලැජ්ජාශීලි කෙනෙක් නං ඔයාට පුලුවන් ඔයාගෙ සමීපතම කෙනෙක් සමග කතාබහ කරන්න. ඒ කියන්නෙ ඔයාගෙ හොඳම යාලුවා , දෙමාපියන් , සහෝදරයන් වගේ අය.

ඒ අයත් එක්ක කතාබහක් ඇති කරගන්න උත්සාහ කරන්න. මහා ලොකු කතා වෙන්න ඕන්නෑ. සුලු සුලු දේවල් උනත් කමක් නෑ.

මතක තියාගන්න. අපි මේ ආපහු සමාජ ආශ්‍රයන් පටන් ගන්න හදන්නෙ. අපිට බැහැ අපේ ෆෝන් වලට අවධානය දෙන ගමන් ඒක කරන්න. ඒ නිසා වෙන කෙනෙක් එක්ක කතා කරනකොට ෆෝන් අනං මනං පැත්තකින් තියල තමන්ගෙ පූර්ණ අවධානය ඒ කෙනාට යොමු කරන්න. ඔයාට කෙනෙක්ට සෘජුවම මුහුණ දෙන්න බැරි නං , බිම බලන් කතා කරන්න එපා. එයාගෙ මූණ නොබලා , එයාට පිටිපස්සෙ තියෙන දෙයක් බලන් කතා කරන්න.

 

2. මුලින් පොඩියට පටන් ගන්න.

 
මම කලින් කිව්ව වගේ මුලින් මහා පරිමාණ යාලුවො හදාගෙන ගැන්සි බහින්න උවමනාවක් නෑ. උදාහරණයකට ඔයාට පුලුවන් , ඔයාගෙ දිනපතා දින චර්‍යාවෙ හමුවෙන මිනිසුන් සමග සුහද කතාබහක් කරන්න. මේ වගේ,

  • "ආ ගුඩ් මෝනින්"
  • "සුභ දවසක්. මොකෝ වෙන්නෙ."
  • "ඉතින්... කොහොමද තොරතුරු. කාලෙකින්.."


 

3. ඉතාමත් සුළු ප්‍රශ්න අහන්න.

 
සාකච්චාවක් පටන් ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ප්‍රශ්නයක් අහන එක. ඉතින් ඔයාට පුලුවන් පුළුවන් ඉක්මනටම පිළිතුරක් හම්බෙන ප්‍රශ්න , වෙන කාගෙන් හරි අහන්න. හැබැයි මතක තියාගන්න මෙතැනදි ලොකු ප්‍රශ්න අහන්න යන්න එපා. හිතන්න ඔයාට දැන් කාලෙකින් කෙනෙක්ව හම්බෙනවා , ඔයා අදුරන කෙනෙක්. ඔයාට ඕනෙ ආපහු සමාජ ආශ්‍රයට එන්න. ඉතින් ඔයා දැන් එයාගෙන් ඇහුවොත් මහා පිපුරුම්වාදය වගේ දෙයක් , ඒ සාකච්ඡාවක් ඉවරයි , සමහරවිට ඔයාලගේ යාළුකමක් එතනින් ඉවර වෙයි.

ඒ නිසා බොහොම කෙටි ප්‍රශ්න අහන්න. උදාහරණයකට ,

  • "වෙලාව කීයද?"
  • "ඔයා මොකද හිතන්නේ මේ ගැන?"


 

4. අනිත් අයගේ සමාජ කුසලතා හඳුනාගන්න.

 
ඔයාගෙ සමාජ කුසලතාවන් වර්ධනය කරගෙන , සමාජශීලී කෙනෙක් වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි , ඔයා ආශ්‍රය කරන මිනිසුන්ගේ සමාජ කුසලතාවන් අවබෝධ කරගැනීම. මොකද එක එක මිනිසුන් සමාජය තුළ හැසිරෙන්නෙ සහ , මිනිසුන්ව ආශ්‍රය කරන්නෙ එක එක විදිහට.

ඔයාට පුලුවන් ඒ අයගෙ , සමාජ කුසලතා හඳුනාගෙන , ඒ අනුව ඔවුන් සමග සම්බන්ධයක් ගොඩනගාගන්න. කීප දෙනෙක් එක්කම මෙහෙම සම්බන්ධකම් ගොඩනගාගන්නකොට , නිකංම ඔයා සමාජ ශීලී අයෙක් වෙනවා. සමාජ ආශ්‍රයන්ට පුරුදු වෙනවා.

 

5. Eye contact තියාගන්න.

 
කෙනෙක් එක්ක කතාබහ කරනකොට , අනුගමනය කරන්න ඕනෙ වැදගත්ම දෙයක් තමයි Eye contact කියන්නෙ. ඔයා කාටවත් මුහුණ දෙන්න බැරි ලැජ්ජාශීලි කෙනෙක් නං , ඔයාට පුලුවන් ඔයගෙ සමීපතමයෙක් එක්ක කතා කරන ගමන් , අවම තත්.3 ක කාලයක්වත් එකදිගට , ඒ කෙනාගෙ ඇස් දිහා බලන් කතා කරන්න.

දිගටම බලන්න දෙයක් නෑ. තත්.3 ක් 5ක් බලනවා , පොඩ්ඩක් වටපිට බලල ආපහු , බලනවා. ඒකෙන් ඇඟවෙනවා ඔයා ඔවුන්ට පූර්ණ අවධානය දෙනවා කියල. ඔයා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් නෑ කියන ලයින් එකේ ඉඳන් , සමාජ ආශ්‍රයන් පටන් ගන්න අමාරුයි.

 

6. වැඩියෙන් ඇහුම්කන් දෙන්න.

 
සමාජශීලි වෙනව කියන්නෙ ගිරවා වගේ කියවන එකම නෙවෙයි. ඔයාටත් ඒ පුරුද්ද ඇති සමහරවෙලාවට. වෙන කාටවත් කියන්න නොදී ඔයාම තනියම කතා කරන. එහෙම අය එක්ක මිනිස්සු සමාජශීලි වෙනව අඩුයි ටිකක්.

ඔයා කාලයක් තිස්සෙ සමාජෙන් ඈත් වෙලා ඉඳල ආපහු මිනිස්සු එක්ක ගැටෙනකොට , ඔයාට කියන්න මහා ගොඩක් දේවල් තියෙයි. ඒ උනාට මුලින්ම එයාලට ඇහුම්කන් දෙන්න. කතා කරන්න ඕනෙ තැන් වල මිත්‍රශීලීව කතා කරන්න.

 

7. යාලුවො එක්ක හෝ වැඩකරන ස්ථානයේ අය එක්ක කෑමකට යන්න.

 
මේ වැඩේ ඇත්තටම සමාජ කුසලතා ඝනයට අයත් වෙන්නෑ. මේ දේ කිව්වෙ සරලවම , නැවත සමාජ ආශ්‍රයන්ට පුරුදු වෙන්න ඉන්න අයට. මොකද ගොඩ කාලයක් තනියම හිටපු කෙනෙක් , පිරිසක් එක්ක කෑමකට යනව කියන්නෙ එතන ලොකු සමාජීය වෙනසක් වෙනවා.

යාලුවො එක්ක නං වඩාත් හොඳයි. සමාජ ආශ්‍රය කියන්නෙ , කෙනෙක් එක්ක කතාබහ කරන එකම නෙවෙයි. ඊට වඩා ගොඩක් ලොකු පරාසයක දෙයක්. ඉතින් එහෙම දේකට වඩාත්ම උචිත දෙයක් තමයි , පිරිසක් එක්ක කෑමකට යන එක.

කෑමක් වෙන්නම ඕන්නෑ. උපන්දින සාදයක් වගේ දෙයක් උනත් කමක් නෑ. මිනිසුන් සමග ගැටෙන්නැතුව , අපිට කවදාවත් සමාජෙට බහින්න බෑ. අපි එකම එක්කෙනෙක් ආශ්‍රය කල පලියට සමාජ ආශ්‍රයන් ඇති වෙන්නෙත් නෑ.

ඒකයි ඔයාගෙ සමාජ ආශ්‍රයන් වැඩිදියුණු කරන්න , මෙහෙම කණ්ඩායම් ක්‍රියාකාරකම් යෝග්‍ය වෙන්නෙ. සහ උදව් වෙන්නෙ.

 

8. ඔයා අවට මිනිසුන්ව පැසසුමට ලක් කරන්න.

 
පිටස්තර සමාජය කියන්නෙ නිතරම වෙනත් කෙනෙක්ගෙන් යමක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න තැනක්. ඉතින් ඔයාටත් පුලුවන් එයාලට ඒ දේ දෙන්න.

ඔයාට පුලුවන් ඔයාගෙ අවට ඉන්න මිනිසුන්ව අගයන්න , පැසසුමට ලක් කරන්න , චියර් කරන්න. මෙතනදි වෙන්නෙ ඔයා ගැන ඒ අයගෙ හිත්වල ධනාත්මක මතයක් ඇති වෙන එක. ඒ අයට ළං වෙන්න , මේ මතය ගොඩක් ලොකු උදව්වක් වෙනවා.

උදාහරණ වශයෙන් ගත්තොත්,

  • "ඊයෙ අර වැඩේ නං නියමෙට කලා ඈ. සුපිරී"
  • "ඔයා ටෙස්ට් එකෙන් ලොකු ලකුණක් අරන් නේද. කන්ග්‍රාට්ස් මචන්"
  • "ඔය වොච් එක සුපිරී. කොහෙන්ද ගත්තෙ?"


 

9. යාවත්කාලීන වෙන්න.

 
ඔයා ගොඩ කාලයක් තිස්සෙ සමාජෙන් ඈත් වෙලා හිටපු පලියට , සමාජෙ එක තැන තිබ්බෙ නෑ. සමාජය දිගටම අප්ඩේට් උනා. ඒ නිසා ඔයත් පරණ Version එකේ ඉන්නැතුව , අලුත් අලුත් trends , styles වලට පුරුදු වෙන්න.

ඕනෙවට වඩා අලුත් වෙන එකත් සුදුසු නෑ , ඕනෙවට වඩා පරණ වෙන එකත් සුදුසු නෑ. නෝමල් ලෙවල් එකේ ඉන්න. එතකොට සමාජය තුළ හැසිරෙන්න පහසුයි.

 

10. හැකිතාක් ඩිජිටල් ලෝකයෙන් මිදෙන්න.

 
සෑහෙන පිරිසකට තියෙන ලොකුම අවුලක් මේක. තාමත් මිනිස්සු පුදුම විදිහට ඩිජිටල් ලෝකෙකට ඇලිලා ඉන්නෙ. සමාජය තුළ මිනිසුන් එක්ක් කතා කරනව වෙනුවට , වර්චුවල් ලෝකයක යාලුවො හදාගෙන ඉන්නවා.

ඒ වර්චුවල් ලෝකයට ඇලෙන්න ඇලෙන්න ඔයාගෙ සමාජ කුසලතාවන් සහ සමාජ ආකල්ප හීන වෙනවා. මොකද ඔයා ජීවත් වෙන්නෙ බොරු ලෝකෙක. වර්චුවල් යාලුවො එක්ක චැටක් දාන්න , ඔයා කිසිම මූඩ් එකක ඉන්න ඕනෙ නෑ , Eye contact ඔන්නෑ , ඔයාම වෙන්න ඕන්නෑ. කොටින්ම ඒ ලෝකෙ ඇතුළෙ ඔයා රඟපෑමක් කරන්නෙ.

ඒ නිසා හැකිතාක් ඩිජිටල් ලෝකෙන් ඈත් වෙන්න බලන්න. ගෙදර අම්මල එක්ක , සහෝදරයො එක්ක පොඩි වෙලාවක් හරි දවසට කතා බහ කරන්න. හැමෝම එකතු වෙලා. සුරතල් සතෙක් ඉන්නව නං එයා එක්ක දුවන්න පනින්න. වත්ත වටේ පොඩ්ඩක් ඇවිදල බලන්න. මල්ගස් වලට පැල වලට වතුර ටිකක් දාන්න.

කලින් කිව්ව වගේ සමාජ ආශ්‍රයන් කියන්නෙ මිනිස්සු එක්ක කතා බහ කරන එකම නෙවේ. සමාජශීලී ආකල්ප ඇතිකරගැනීමත් ඒකෙම කොටසක්.

 

එහෙනං උදව්වක් උනා කියල හිතනව කාට හරි. වර්තමානයේ පොදු ප්‍රශ්නයක් ගැන කතා කලේ. මිනිස්සු එන්න එන්නම කටුව තුලට බහින්න හදන්නෙ. ඒ කටුවෙන් එයාලව එලියට ගන්න දරපු පොඩි වෑයමක්.
 

 

More From LearnBits

ගැහැණු ළමයෙකුගේ පියයුරු සම්බන්ධ පිරිමින්ගෙන් වන බලපෑම් සමග ගනුදෙනු කරන්නේ කොහොමද?
තමන්ගෙ වැඩේ නොකර අනුන්ට වැඩ කරන්න කියන්න එපා.
සුදු කුහර කියන්නෙ මිත්‍යාවක්ද?

Post a Comment

Previous Post Next Post

Contact Form