ඔසප් වේදනාව සමනය කරගන්නෙ කොහොමද?

 Knowledge     LearnBits 

ඔසප් වේදනාව යනු කුමක්ද? එම වේදනාව අඩු කරගන්න පුලුවන්ද?

Photo from google / Edited by LearnBits

 

ඔසප් වේදනාව කියන්නෙ මොකක්ද?

 
ඔසප් වේදනාව කියන්නෙ , ඔසප් චක්‍රයේම සාමාන්‍ය කොටසක්. බොහොමයක් කාන්තාවන් තමන්ගෙ ජීවිත කාලයේ යම් කාලසීමාවක් තුළ මේ ඔසප් වේදනාවට මුහුණ දෙනවා.

සාමාන්‍යෙන් ඔසප් වේදනාවකදී , ඒ වේදනාව ඇති වෙන්නේ උදරය තුළ. සමහර වෙලාවට උදරය පිටුපස සහ ඇතැම් විට කලවා ප්‍රදේශ වලට පවා මේ වේදනාව පැතිරෙනවා. ඒ වගේම ඔසප් වේදනාව එක වරක දැඩිව දැනෙන්න පුලුවන්. සහ තවත් විටෙක ස්ථාවර නමුත් සාමාන්‍ය පරිදි දැනෙන්න පුලුවන්.

ඒ වගේම සමහරුන්ට , සමහර වෙලාවට ඔසප් වීමකින් තොරව උනත් ශ්‍රෝණිය අවට වේදනාවක් ඇති වෙන්න පුලුවන්. මේ හැම දේම් සාමාන්‍ය ඔසප් චක්‍රයක බලපෑම් නිසා වෙන්න පුලුවන්. ඒ වගේම සමහර වෙලාවට ඔසප් චක්‍රයේ අක්‍රමික හැසිරීම් නිසා වෙන්නත් පුලුවන්.

 

ඔසප් වේදනාවට හේතුව මොකක්ද?

 
ඔසප් වේදනාව ඇතිවෙන්නේ ගර්භාශයේ මාංශ පේශිමය බිත්තිය තදවීම නිසා. ඒ කියන්නෙ ඔසප් වෙනකොට මේ මාංශපේෂිමය බිත්තිය හැකිලෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය වෙලාවටත් සුලු හැකිලීම් උනත් ඒව අපිට දැනෙන්නෙ නෑ. නමුත් ඔසප් වීමේදී , වඩාත් ප්‍රභල ලෙස මේ හැකිලීම් සිදුවෙනවා.

ගර්භාශ බිත්තිය මෙහෙම හැකිලෙනකොට , ගර්භාශය ආවරණය කරමින් තියෙන රුධිර වාහිනි සම්පීඩනය වෙනවා. (තෙරපෙනවා). ඒ නිසා ගර්භාශයට , ඒ වාහිනී ඔස්සේ රුධිරය සහ ඔක්සිජන් ලැබීම තාවකාලිකව නවතිනවා.

මෙන්න මේ තත්වය තුළ ශරීරයෙන් නිකුත් කරනවා විවිධ රසායන ද්‍රව්‍යයන්. මේවා වේදනා ප්‍රේරක. ගර්භාශ පටක වේදනාව ඇති කරන්නෙ මේ ද්‍රව්‍යය වලින්.

ඒ වගේම මේ අතරතුරේ ප්‍රොස්ටැග්ලැන්ඩින් නම් තවත් රසායනිකයක් නිපදවනවා. මේ ප්‍රොස්ටැග්ලැන්ඩින් වලින් තවදුරටත් ගර්භාශ බිත්ති හැකිලීම උත්තේජනය කරනව වගේම , වේදනා මට්ටමත් වැඩි කරනවා.

 

ඔසප් වේදනාවට බලපාන ඇතැම් රෝගී තත්ව

 
ඔසප් වේදනාවට බලපාන විවිධ රෝගි තත්ව තියෙනවා.

රෝගී තත්වය පැහැදිලි කිරීම
එන්ඩොමෙට්‍රියෝසිස් මේක ඇති වෙන්නේ සාමාන්‍යෙන් ගර්භාශයේ එන්ඩ්‍රොමෙට්‍රියමේ ඇති සෛල , පැලෝපීය නාලය ඩිම්බ කෝශය වැනි ස්ථාන වලට පැතිරීම නිසා. අපි දන්නවා ආර්තවකදී එන්ඩ්‍රොමෙට්‍රියම් සෛල ගැලවී යන්න හැදිලා තියෙන්නෙ. ඉතින් ඒ වගේම හෝමෝනයම බලපෑම නිසා මේ ව්‍යාප්ත උන සෛලත් ගැලවී යන්න අරන් , ඒ ප්‍රදේශ වලටත් අධික වේදනාවක් ලබා දෙනවා.
ෆයිබ්‍රොයිඩ් ඒ කියන්නෙ ගර්භාශය තුළ හෝ ඒ අවට ව්‍යාප්ත වෙන්න පුලුවන් පිළිකා නොවන පිළිකා තත්වයන්. මේව වෙනත් තැන් වලට පැතිරෙන්නෑ. සරල ශල්‍යකර්මයක් මගින් මේ තත්වය නැති කරන්න පුලුවන්. ෆයිබ්‍රොයිඩ් තත්වය තුළදි ආර්තවයෙන් පස්සෙත් දින කීපයක් රුධිර වහනය සහ වේදනාව පවතිනවා.
ශ්‍රෝණි ප්‍රදාහය ගර්භාශය , පැලෝපිය නාලය සහ ඩිම්භකෝශ , බැක්ටීරියා ආසාදනයන්ට ලක් වීමෙන් ඇති වන තත්වයක්.
ඇඩිනොමියෝසිස් මේකෙදි වෙන්නෙ සාමාන්‍ය පේශිපටක , ගර්භාශ බිත්තිය තුළ වර්ධනය වීමයි. ඉතින් ආර්තවයේදී , ගර්භාශ බිත්ති ගැලවිලා යනකොට මේ සාමාන්‍ය පටකත් ගැලවෙනවා. ඒ අධික වේදනාවක් ලබා දෙන ගමන්.


 

ඔසප් වේදනාව අඩු කරගන්නෙ කොහොමද?

 
ඔසප් වේදනාව අඩු කරගන්න , සාමාන්‍යෙන් කරන්න පුලුවන් සරල දේවල් කීපයක් තියෙනවා.

මුලින්ම කියන්නම් සංකීර්ණ ක්‍රියාවලි විස්තර කරන්නෙ නැත්තේ , ඒ සමහරක් ශරීරයට අහිතකර වෙන්න පුලුවන් නිසා. (උදා :- ඉබියුප්‍රොෆින් ඇස්ප්‍රින් වැනි වේදනානාශක).

අපි එකින් එකට විස්තර කරගෙනම යමු. (අදාළ කරුණ මත ටච් කිරීමෙන් එහි විස්තරය කියවිය හැක)
 

දුම්පානයෙන් වැළකීම දුම්පානය කරනකොට ඇත්තටම රුධිර කේශනාලිකා සංකූචනය වෙනවා. ඒක නිසා රුධිර පීඩනය ඉහළ යනවා. මේක ඔසප් වේදනාව වැඩි කරනව වගේම ආර්තව බලපෑම සහ අවධානම වැඩි කරනවා
 
ව්‍යායාම කිරීම ඇත්තටම වේදනාවන් තියාගෙන ව්‍යායාම කරන එක අමාරු වැඩක්. ව්‍යායාම කියල අදහස් කලේ කිලෝමීටර් දහය පහළොව දුවල පුශප් 100ක් ගහනව වගේ දෙයක් නෙවෙයි. ඇඟ ක්‍රියාශීලීව තියාගන්න කරන්න පුලුවන් සුලු සුලු දේවල් කරන එකට. විනාඩි 30ක් ඇවිදීම. ඇඟ උණුසුම් කරන අභ්‍යාස වල නියැලීම, බයිසිකල් පැදීම වගේ දේවල්. ඒ වගේම ව්‍යායාම කරනකොට එන්ඩොර්ෆින් මුදාහරිනවා. ඒකෙන් සතුටක් ලබා දෙනවා.
 
උදරයට උණුසුම යෙදීම උණුවතුර පුරවන පොඩි පෑඩ් , කඩේ තියෙනව ඔයාල දැකල ඇති. එහෙම දෙයක් අරගෙන බඩඋඩින් තියාගන්න එකත් වේදනාව සමනය කරන්න උපකාර වෙනවා. එහෙම දෙයක් හොයාගන්න බැරි නම් , උණුවතුරෙන් පොඟවපු තුවායක් අරන් බඩ උඩින් තියාගන්න එකත් උචිතයි.
 
උණුසුම් ස්නානය ටිකක් රස්නෙ වතුරෙන් ස්නානය කරනකොටත් , උදර වේදනාව පොඩ්ඩක් අඩු වෙනවා. ඇඟ උණුසුම් කරන එකෙන් වෙන්නෙ ඇත්තටම රුධිර නාලිකා විස්තාරනය කරන එක. ඒකයි පහසුවක් දැනෙන්නෙ.
 
සම්භාහනය පහළ උදරය වටේට සියුම්ව සම්බාහනය කිරීමෙනුත් වේදනාව මදක් සමනය වෙනවා. මේකෙන් කරන්නෙ තද උන මාංශපේෂි මදක් ලිහිල් වෙන එක.
 
ශරීරය ලිහිල් කිරීමෙ ක්‍රම කලින් කිව්ව වගේ , යෝගා හෝ උණුසුම් අභ්‍යාස වල නි‍යැලීම තුළින් මනස ඒකාග්‍ර කරගන්න පුලුවන් වෙනවා. ඒකෙන් වේදනා වෙතට යොමුවෙලා තියෙන මනස එකතැන් වෙනවා.
 
හොඳින් වතුර පානය කිරීම සාමාන්‍යෙන් කාන්තාවන් තමන්ගෙ ආර්තවයන් සහිත දිනයන් වල ආහාර ගැනීමේ අඩුවක් පෙන්නනවා. ඒ නිසා බඩ පිපීම වෙන්න පුලුවන්. මේකෙන් තවත් තත්වය දරුණු වෙනවා. ඒ ප්‍රශ්නය මගහැරවගන්න පුලුවන් හොඳින් වතුර පානය කිරීමෙන්. උණුවතුර බොනකොට තවත් සහනයක් දැනෙනවා.
 
ඖෂධීය තේ වර්ග පානය කරන්න ඖෂධීය තේ කියල කඩේ තියෙන හැමදේම බොන්න හදන්න එපා. මොකද ඔය සමහර ඒව බොරුවට ගහන ලේබල්. ඒ නිසා පුලුවන් නං හොයල බලල ප්‍රති ස්පාස්මොඩික් සංයෝග ඇති තේ පානය කරන්න. එහෙම හොයාගන්න බැරි නං මහදුරු , ඉඟුරු වගේ දේවල් දාපු තේකක් බොන්න. ඒකත් ගුණදායි.
 
අනවශ්‍ය කෑම කන්න එපා. ඔසප් වේදනාව සහිත දවස් වලට පුලුවන් තරන් අධික සීනි සහිත ආහාර , ට්‍රාන්ස් මේදය සහිත ආහාර සහ ලුණු අධික ආහාර ගන්න එපා.
 
ආහාරමය අතිරේක ලබා ගන්න. ඒ කියන්නෙ ආහාර මගින් ලබා ගන්න අතිරේක දේවල්. විටමින් D , විටමින් E , මැග්නීසියම් , ඔමේගා 3 අඩංගු ආහාර බහුලව ආහාරයට ගන්න. මේවා දිනපතා ආහාරයට ගත්තත් කමක් නෑ.
 



 

ඔයාල දන්න දේවල් තියෙනවනං ඒවත් comment කරන්න.
 

යොදාගත් වැදගත් ලිපි www.nhs.uk
medlineplus.gov
Mioclinic.org
Healthpartners.com
 

 

 

 

More From LearnBits


 
ලොව ගැඹුරුම වල

  
සංවේදී අය දුර්වලද

Post a Comment

Previous Post Next Post

Contact Form