වැරැද්ද අධ්‍යාපනික ක්‍රමයේද?

 
 Social Talks     LearnBits 

වැරැද්ද කොතනද?

 
ටිකක් බරපතල මාතෘකාවක්. මොකද ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය කියපු ගමන් , උඩින් පැනල බල්ටි ගහන් ඇවිල්ල මරාගෙන කන්න හදන සෙට් එකක් ඉන්නවනෙ. අධ්‍යාපනය පේන්න බැරි උන් ටිකක්. කරුණාකරල නිදහස් මතධාරියෙක් නෙවෙයි නං , මේ ලිපිය කියවන්න එපා.😿

 

ඇත්තටම ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වැරදිද?

 
මතක තියාගන්න මම මේ කියන්නෙ ලංකාවෙ අධ්‍යාපනය ක්‍රමය ගැන මිසක් , පාසල් පද්ධතිය ගැන නෙවෙයි. සමහරු ඉස්කෝලෙ වෙන සිදුවීම් වලට බනින්නෙත් අධ්‍යාපන ක්‍රමයටනෙ. ඉස්කෝලෙට නං මම ආසත් නෑ.

හරි හරි කතාවට එමු.

ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය , නිදහස් අධ්‍යාපනයක්. නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය නෙවෙයි. තමන්ට කැමති දෙයක් ඉගෙන ගන්න පුලුවන් එක.

ලංකාවෙ පොඩි උන් දෙන්නෙක්ව උදාහරණයකට ගමු. එකෙක් පට්ට සල්ලි තියෙන , ටිකක් සැර නීති තද දෙමාපියන්ගෙ පුතෙක්. නගරබද පොරක්. අනිත් පොඩි එකා දුප්පත් , හිත හොඳ තැන්පත් දෙමාපියන්ගෙ කෙල්ලෙක්. (මෙතෙන්ට කෙල්ලෙක්ව ගත්තෙ , දුප්පත් කොල්ලෙක් සාමාන්‍යෙන් කට්ට කාල ගොඩ එන්න උත්සාහ කරනව අඩු නිසා.)

අපි බලමු මේ දෙන්නා හදාරන්න ඉන්න අධ්‍යාපන ක්‍රමයන් සහ , අධ්‍යාපනය හදාරන්න ඉන්න පාසල් ගැනත් එක්කම. අපි උපතේ සිට යමු.

සල්ලිකාර පුතා දුප්පත් දුව
උපදිනවා සාමාන්‍ය විදිහට. උපදිනවා සාමාන්‍ය විදිහට.
ලොකු වෙනවා ඉහළම සැප සනීප එක්ක. කිසිම අඩුවක් නෑ. ලොකු වෙනවා ඉහළම සැප සනීප එක්ක. කිසිම අඩුවක් වෙන්න දෙන්නෑ. අම්මල දුප්පත් උනා කියල කවදාවත් ළමයව දුප්පත් කරන්නෑ.
ඔන්න පටන් ගන්නවා ඩේ කෙයාර් ටයිම් එක. අම්මල වැඩට යනව. ළමයව දානව ඩේ කෙයාර් එකට. නගරබද නිසා වටෙන්ම සීමා වෙලා. ළමයට අලුත් දෙයක් ඉගෙන ගන්න බෑ. ඩේ කෙයාර් කියල නමක්වත් අහල නෑ. ළමයව එක්කො අම්මල එක්ක වැඩට අරන් යනවා. නැත්තං ළඟ ගෙදරක කෙනෙක්ට දීල යනවා. පොඩි කෙල්ල ඉක්මනටම සමාජය සහ ලෝකය ගැන ඉගෙන ගන්නවා.
පුතාව නගරෙ ලොකුම මොන්ටිසෝරියකට දානවා. අම්මලගෙන් දැඩි බලපෑම්. අකුරක් වැරදුනත් ටොකු. ඒ අස්සෙම එලකියුශන් පංතියකට දානවා. අම්මලට ඕනෙ සුපිරි පුතෙක් හදාගන්න. පොඩි කෙල්ලව ගමේ වයසක ටීච කෙනෙක් ගාවට යවනවා. ලොකු මොන්ටිසෝරි වලට වියදම් කරන්න විදිහක් නෑ. පොඩි කෙල්ල ගහකොල සතා සීපාවා එක්කම , අධ්‍යාපනයේ මූලික අඩිතාලම දාගන්නවා. සුන්දර ළමා කාලයක ජීවත් වෙනවා.
එලකියුශන් කරපු , හැම අකුරක්ම ඉගෙන ගත්තු සුපිරි මීටරේ වගේ පුතා , එක වසරට නගරේ ලොකුම සහ හොඳම ඉස්කෝලෙට දානවා. නවීන පහසුකම්. ඩිජිටල් බෝඩ්. ක්ශණික කෑම. සැප ලෝකයක්. අම්මල තාම පොඩි එකාට බලපෑම් කරනවා. පංතියෙ එක වෙන්න කියල. යාලුවොන්ගෙ ලකුණු අහ අහ පුතාට බනිනවා. උදේ හවස වෑන් එකේ ගෙදර එන්නෙ. ඉස්කෝලෙයි වෑන් එකයි ගෙදරයි ඇරෙන්න වෙන තැනක් දැකලම නෑ. ඇඟේ හීරීමක්වත් නෑ. කෙල්ලවත් දානව ගමේ ඉස්කෝලෙ එක වසරට. කෙල්ලට මහ ලොකුවට වැඩ බෑ. හැබැයි අකුරු ලියන්න කියන්න පුලුවන් සාමාන්‍ය මට්ටමට. පංතියෙ එක වෙන්න නං අමාරුයි. කෙල්ල පයින් ගෙදර එන්නෙ වෙන ළමයෙක්ගෙ අම්ම එක්ක. සමහර දවස්වලට එහෙ මෙහෙ ගිහිල්ල තුවාලත් කරගන්නවා. එදාට නං අම්ම බනිනවා.
පුතාට තාත්ත එක්ක කතා කරන්න උනෙත් නෑ දවස් කීපෙකින්. එයා බිසී. අම්මවම විතරයි ආශ්‍රය කරන්න උනේ. අම්මත් පුතාව හුරතල් කරන්නෑ. වැඩ වැඩ වැඩ. පුතාව ඉහළම කෙනෙක් කරන්න අම්මා මහන්සි වෙනවා. තාත්තටත් බනිනවා එයා ළමයගෙ වැඩ ගැන බලන්නෑ කියල. පොඩි කෙල්ල හැමදාම අම්ම එක්ක කදේ දානවා. අප්පච්චි ගෙදර ආවම එයාගෙ උකුලට පැනල හබුන් කවාගන්නවා. පොඩි එකී හරිම ආදරෙයි අම්මටයි තාත්තටයි. මේ ලෝකෙ හොඳම අම්මා තාත්තා ඉන්නෙ තමන්ට කියල හිතනවා.
පුතා දැන් පහ වසරෙ. පංති 7කට යවනවා. සෑහෙන වියදම් කරනවා. පුතාව ඉංජිනේරුවෙක් කරන්න තමා අම්මට ඕනෙ. පොඩි එකා උදේ 6ට ඇහැරිලා ඉස්කෝලෙ ගියාම ආපහු එන්නෙ රෑ 8ට. අම්ම කියපු වැඩ ටිකත් කරල , මොනවහරි එහෙන් මෙහෙන් කාල 10ට නිදාගන්නවා. ආපහු උදේ 4ට ඇහෙරෙන්න ඕනෙ. අම්ම දෙන පේපර් එක කරන්න. කෙල්ල දැන් පහ වසරෙ. අම්මල අමාරුවෙන් ටවුන් එකේ ටියුශන් එකකට යවනවා. කෙල්ල හැබැයි උනන්දුවෙන් වැඩ කරනවා. කෙල්ලටත් ඕනෙ ටවුමෙ ලොකු ඉස්කෝලෙකට යන්න. ඒ නිසාම දෙන දෙන වැඩ ටික අමාරුවෙන් හරි කරනවා. මහ ලොකු මිටරයක් නෙවේනෙ.
ශිෂ්‍යත්වයේ රිසල්ට් එනවා. පුතා ඉහළින්ම සමත්. අම්මලට හෙන සතුටුයි. අම්මා දැන් හැමතැනම ඒක කියව කියව යනවා. පුතාටත් අර පොඩි කාලෙ තිබ්බ පීඩනේ ටිකක් අඩු උනා. මොකද ඉහළ ප්‍රථිඵලයක්නෙ. කෙල්ලත් පාස් වෙලා. හැබැයි නගරෙ ලොකුම ඉස්කෝලෙට යන්න විදිහක් නෑ. නගරෙ පොඩි ඉස්කෝලෙකට යන්න වෙන්නෙ. ඒ උනාට අම්මල , දුවගෙ හිත හදල ඒ ඉස්කෝලෙට යවනවා. අම්මල ලෝන් දාල ණය වෙලා දුවට උගන්නන්න හදනවා. දුවත් කැපවෙලා ඉගෙන ගන්න හිතට ගන්නවා.
පුතා දැන් හය වසරෙ. අම්මල තාම පස්සෙන් ඉන්නවා. දැන් පංති 13කට යනවා. හැමදාම පංති. යාලුවෙක් එක්ක ටවුන් එකේවත් කොහෙවත් ඇවිදලවත් නෑ. දුව දැන් හය වසරෙ. එයාට අනිත් සබ්ජෙක්ට් පුලුවන්. ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා ඉංග්‍රීසි පංතියකට යනවා. ඉස්කෝලෙ කියන ඒව හොඳට හිතට ගන්නවා.
පුතා දැන් එකොළහවසරෙ. පුතාට හීනයක් නෑ මුකුත්. හැබැයි අම්මට තියෙනවා. කොල්ලට A9 ක් අරන් දෙන්න. උදේ හවා කොල්ලව මරවනවා. කොල්ලත් දැන් ටික ටික අම්මට බනින්න ගන්නව. සමහර තැන්වලදි. අම්මව රුස්සන්නෑ. හැබැයි අම්මට බයයි. ඒ නිසා වැඩ කරනවා. කෙල්ලෙක් දිහාවත් බලන්නෑ. දුව දැන් එකොළහ වසරෙ. කෙල්ල නිදහසේ තමන්ගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරනවා. බාහිර බලපෑම් නෑ. කොල්ලෙක් ඇවිල්ල කැමැත්ත ඇහුවා. කෙල්ල කිව්වා "විභාගෙන් පස්සෙ" කියල.
කොල්ලට A9 යි. අම්මට සතුටුයි. කොල්ලට ෆෝන් එකක් දෙනවා. පතරංග ජාතකේ වගේ එකක්. කොල්ලා දැන් සෝශල් මීඩියා වල. හැබැයි ඇත්ත සමාජය තුළට යන්නෑ. අර වර්චුවල් ලෝකෙ තමා ඉන්නෙ. ඇත්ත සමාජෙක පැවැත්මක් නෑ. කවුරුත් එයාව ගනන් ගන්නෑ. කොල්ලා දැන් හෑලි ලියනවා සෝශල් මීඩියා වලට. (මම වගේ). මිනිහා ලියනව ලංකාවෙ අධ්‍යාපනික පද්ධතියම සවුත්තුයි. ළමයිට නිදහසක් නෑ. අනං මනං කියල. මිනිහ හරි ආසයි සෝශල් මීඩියා වල රඟන්න. ඇත්ත ලෝකෙ රඟන්න බෑනෙ. කොල්ලට තාම හීනයක් නෑ. කොල්ලා වැඩ කරන්නෙ අම්මගෙ හීනෙට. කෙල්ලට A6 යි B3 යි. කෙල්ලට එච්චර සැටිස් නෑ. හැබැයි අම්මල අඬල කෙල්ලව බදාගන්නවා. ඒක ලොකු රිසල්ට් එකක් නිසා. කෙල්ලට සතුටුයි. කෙල්ලගෙ හීනෙ මේක නෙවේ හැබැයි. කෙල්ලට හෙන ලොකු ෆෝන් අරන් දෙන්න බෑනෙ. ඒ උනත් සාමාන්‍යෙන් 25,000ක විතර එකක් අරන් දෙනවා. කෙල්ලට ඒක හරි ලොකු දෙයක්. තාත්තව බදාගන්නවා. තාත්තා එයාගෙ පුට්සයිකලේ විකුණල කෙල්ලට ෆෝන් එක අරන් දුන්නේ. දැන් තාත්තා පයින් යන්න ඕනෙ. ඒ උනාට කෙල්ල ඉගෙන ගන්නව නං ඕනෙ කට්ටක්.
පුතා දැන් ඒලෙවල් වල අන්තිම හරියෙ. අම්ම වැඩිය පුතා ගැන හොයන්නෑ දැන්. ගෙදරත් හරි ප්‍රශ්න. පුතාට අම්මව පේන්න බෑ. ඉක්මනට තරහ යනවා. අම්ම වැඩිය හොයන්නැති එක නිදහසක් හැටියට දකින නිසා , කොල්ලා වැඩ කරන්නෑ ඉස්සර වගේ. උට තාම හීනයක් නෑ. ඔහේ අම්මලගෙ සල්ලි වලින් ජීවත් වෙනවා. කොල්ලා තාම සෝශල් මීඩියා වල රඟනවා. ඒක ඇතුලෙ වෙනම ජීවිතයක් ගත කරන්නෙ. ව්‍යාජ චරිතයක්. කෙල්ල දැන් පට්ටෙට මහන්සි වෙනවා. පොඩි කාලෙ ඉඳන්ම කෙල්ල ඉගෙන ගන්න ආසයි. හොඳ ලස්සන පරිසරයකනෙ හිටියෙ. ඒ නිසා කෙල්ල තමන්ගෙ හීනෙ වෙනුවෙන් වේගෙන් ඇවිදන් යනවා. අම්ම තාත්ත එක්ක හරිම එකතුයි.
කොල්ල එක්සෑම් එකෙන් ෆේල්. අම්මට මල පැනල එකසිය ගානට. පුතාව කන්න හදනවා. පුතාට මාර මානසික පීඩනයක්. ජීවිතයේ කිසිම අවස්ථාවක පුතා මේ විදිහට පීඩනයකට පත් වෙලා නෑ. පුතාට පිස්සු හැදෙන්න වගේ. වෙන දෙයක් ඉගෙනගෙනත් නෑ. සමාජෙට යන්නත් බෑ. කිසිම දෙයක් බෑ. පුතා ____________ තීරණය කරනවා. ඒ අම්මල ඊට පස්සෙ හැඬූ කඳුලින් ජීවිතේ ගෙනියනවා. මිනිස්සු ආටිකල් ලියනවා , අධ්‍යාපන් ක්‍රමයේ බරපතලකම නිසා තවත් ජීවිතයක් නැති උනා කියල. මිනිස්සු ඒ කොල්ලට බනිනවා. කෙල්ල විභාගෙ සමත්. ඉහළම ප්‍රතිඵලයක්. කෙල්ල කැම්පස් සිලෙක්ට් වෙනවා. අම්මලට සතුටුයි. ඊටත් වඩා කෙල්ලට සතුටුයි.
404 error
Not Founded
කෙල්ල දැන් ලොකු රස්සාවක් කරනවා. අම්මලව බලාගෙන , කසාදයක් කරගෙන හොඳට ජීවත් වෙනවා. මම ගිහින් අහනවා ලංකාවෙ අධ්‍යාපනික ක්‍රමය ගැන මොකද හිතන්නෙ කියල. එයා කියනවා , "පොඩ්ඩක් විතර තරඟකාරි ගතියක් තියෙනවා. ඒ උනාට ඇත්තටම ඉහළම විදිහෙ අධ්‍යාපනික ක්‍රමයක් තියෙන්නෙ" කියල.

 
සම්පුර්ණයෙන් කියෙව්ව කියල හිතනවා. මම මේ කියන්න හදන දේ ගැන දළ අදහසක් ආවද.

මගේ මතය අනුව ප්‍රශ්නය තියෙන්නෙ අධ්‍යාපනික ක්‍රමයේ නෙවෙයි. අධ්‍යාපනය හදාරන ක්‍රමයේයි. මොකද කොච්චර කිව්වත් ඔය ජපානෙ වගේ රටවල් වල , පොඩි උන්ට මෙහෙම නිදහසක් තියෙනවා , අරම නිදහසක් තියෙනව කිය කිය , ඇත්තටම ඒ රටවල් වල මිනිස්සු හෙන යාන්ත්‍රිකයි. ගොඩක් මිනිස්සුන්ට දරාගැනීමේ හැකියාවක් නෑ.

සමහරුන්ට තව තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ තියෙන්නෙ , කටපාඩම් අධ්‍යාපන ක්‍රමයක් විතරයි කියන එක. මම කියන්නෙ ඉතිහාසය වගේ අදාළ නොවන සබ්ජෙක්ට් ඇරුනම , උසස් පෙළ ගොඩක් සබ්ජෙක්ට් කටපාඩම් කරල විතරක් ගොඩ යන්න බෑ.

කටපාඩම් විතරක්ම කරල ගොඩදාන්න පුලුවන් ඒවත් තියෙනවා , එහෙම බැරි ඒවත් තියෙනවා. ඒක අධ්‍යාපන රටාවෙ ගැටලුවක් නෙවෙයි. ඒ විශයේ ගැටලුවක්.

හරි අධ්‍යාපනික ක්‍රමය ඇත්තටම වැරදී කියමුකො. ඔන්න දැන් සෝශල් මීඩියා වල මම වගේ ආටිකල් ලියල , ළමයින්ගෙ ඔලුවට මේ අධ්‍යාපනික ක්‍රමය වැරදී කියන මතය දාපු කෙනෙක් ඉන්නවා. එයා බනින්නෙ අධ්‍යාපනික ක්‍රමයට විතරයි. පාසල් පද්ධතියටවත් , ළමයෙක්ගෙ බාහිර වටපිටාවෙ ගැටලු වලටවත් නෙවෙයි. එහෙම අය ඉන්නවනෙ. ඉස්කෝලෙන් ළමයෙක්ගෙ කොණ්ඩෙ කැපුවොත් , ඒකට බනිනවා නිදහස් අධ්‍යාපනයේ වැරදි මේව කිය කිය.

බනින්න ඕනෙ ඉතින් ඉස්කෝලෙ සිස්ටම් එකටනෙ.

හරි දැන් මම උඩ කිව්ව වගේ එකෙක් , ඇත්තටම අධ්‍යාපන ඇමති වෙලා සිස්ටම් චේන්ජ් කරනවා.

ළමයින්ට බාලාංශය තුළ ඉගෙනගන්න ඕන්නෑ. අතුගාන්න. ස්වභාවික පරිසරය එක්ක ඉන්න. ඇවිදින්න. අලුත් දේවල් හිතන්න. පුරුදු කරනව කියල.

ඉතින් දැනුත් ළමයි ඕව කරනවනෙ. මම පොඩි කාලෙ මම ගියෙ ටවුමෙ මොන්ටිසෝරියකට. අපිට එතන ස්ව්භාවික පරිසරයක් නෑ. ඒ උනාට මට මතකයි , අපිට කියල තිබ්බලු ඔය එක එක මල් වර්ග අලවන් පොතක් හදන් එන්න කියල.

ඒකට මගේ අම්මා මාව එක්කන් ගිහිල්ල මම ලව්වා ඒ වැඩේ කෙරෙව්වා. ඒ නිසා මට ස්වභාවික පරිසරය එක්ක ගැටෙන්න අවස්ථාවක් හම්බුනා.

හැබැයි වර්තමානයේ තියෙන ප්‍රශ්නය තමයි , ඔහොම වැඩක් දීපු ගමන් අම්මලා තමා ඒක බාරගන්නෙ. තමන්ගෙ දරුවගෙ පොත ලස්සනට හදල අනිත් උන්ට වඩා උඩින් තියන්න ඕනෙ නිසා , ළමයව ගෙදර තියල අම්ම ගිහින් පොත හදන් එනවා. ළමයා දන්නෙත් නෑ මොන මගුලක් තියෙනවද කියල පොතේ. ගුරුවරුත් හොයන්නෙ ලස්සනම පොත හදපු කෙනාව මිසක් , ඇත්තටම ළමයා මහන්සියෙන් හදපු පොත නෙවේනෙ.

මේකට අපේ මිනිස්සු කියනවා ලංකාවෙ අධ්‍යාපනික ක්‍රමය ෆේල් කියල.

ඇත්තටම ළමයව ෆේල් කරන්නෙ බාහිර සාධක. ලංකාවෙ අධ්‍යාපනික ක්‍රමය ලංකාවට උචිතයි. අපි මේ පට්ට දියුණු රටක් නෙවේනෙ. එහෙම වෙලත් ලංකාවෙ මිනිස්සුන්ට කියන්න ලියන්න පුලුවන්නෙ. 50%කට වඩා යම් තරමක හරි වෙනත් භාශාමය දැනුමක් තියෙනවා.

ලංකාවෙ එකම අවුල , මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය කරන්නැති එක විතරයි. මම දකිනව ගොඩක් ටියුශන් ගුරුවරු ඒක කරනව. ඒක ඇත්තටම හොඳ දෙයක්.

ඉස්කෝලෙ තියෙනව pt කියල පීරියඩ් එකක්. ඔය පීරියඩ් එකෙත් ළමයින්ව ව්‍යායාම වලට එක්කන් යන්නැතුව , පංතියෙ තියන් උගන්නනවා.

මම ඇත්තටම ඉස්කෝලෙට ආස නෑ. හැබැයි මම මාර ආසයි අලුත් දෙයක් ඉගෙන ගන්න. මට ඒ අඩිතාලම වැටුනෙ ලංකාවෙ අධ්‍යාපනික ක්‍රමය නිසා මිසක් , මම හෙන මොලකාරයෙක් නිසා නෙවෙයි. මමත් ඇත්තටම පොඩි කාලෙ පීඩනේකින් හිටියෙ. ඒ අපේ ගෙදරින් එන බලපෑම් නිසා මිසක් , මට කිසිම වෙලාවක ඉගෙන ගන්න ඕන්නෑ කියල හිතිල නෑ.

ඒ නිසා වෙන කවුරු හරි කියන පදේකට , තමන්ගෙ ඔලුව හදාගන්නැතුව , පොඩ්ඩක් බුද්ධිය කල්පනා කරන්න.

සමහරු බනිනවා අපි මේ හදන ගණන් ජීවිතයේ කොතනටද ඕනෙ වෙන්නෙ කියල. කිසිම වැඩක් ඇති වැඩක් නෙවේලු ඒක.

ගණන් හදන්නෙ ළමයින්ගෙ බුද්ධි මට්ටම සහ තාර්කික මට්ටම වැඩි කරන්න. සිංදු කියල , ළමයට සෙල්ලම් කරන්න දුන්න කියල ඒක හැදෙන්නෑනෙ. ඕනෙම රටක ගණන් හදනව. අපේ ඔය එහෙම ගණන් හදන එකට බැන බැන ඉඳල , ගණන් හදන්නැතුව පස්සෙ ලොකු වෙලා කොළඹ ආවම නෙළුම් කුළුණ දිහා බලන් වඳින්නෙ එහෙම මිනිස්සු තමා. මෙලෝ බුද්ධියක් නෑ හිතන්න.

මෝඩ තර්ක කර කර ඉන්නැතුව ඉගෙනගන්න. ඔය හෑලි ලියපු එකෙක්වත් නෑ අන්තිමට. අධ්‍යාපනික ක්‍රමයට බැනපු ආටිකල් කියවල , මේ සිස්ටම් හරියන්නෑ කියල කියව කියව ඉඳල අන්තිමට උඹල ජීවිතේ අනාගනී. ඒ අධ්‍යාපනික ක්‍රමයෙන්ම , ඉහළ තැනකට ගිහිල්ල , ඒකට බැන බැන හෑලි ලියපු "උගතුන්" ජීවිතේ ගොඩ දාගනී.

අපේ ගොඩක් උන්ට අවුල තියෙන්නෙ අධ්‍යාපනික ක්‍රමයේ නෙවෙයි. හදාරන විශයන් වල. අම්මලට ඕනෙ එකනෙ බහුතරයක් අය කරන්නෙ. නැතුව ඇත්තටම තමන්ට ආස එක නෙවේනෙ.

අධ්‍යාපනික ක්‍රමය වෙනස් කරන්න මහන්සි වෙන වෙලාවෙ ඒ ආකල්ප වෙනස් කරන්න මහන්සි වෙන්න. එතකොට සිසිටම් චේන්ජ් වෙයි.

 

 

More From LearnBits

1 2 3

2 Comments

Previous Post Next Post

Contact Form