තරුණ ගැහැණු ළමයෙකුගේ පියයුරු සම්බන්ධව පිරිමින්ගෙන් වන බලපෑම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද?

 
 Youth     Personal Care 

ඒකට මොනවද කරන්න පුලුවන්?

 
සාමාන්‍යෙන් වර්තමානයේ ගැහැණු ළමයෙක් වෙනව කියන්නෙත් එක්තරා ආකාරයක අභියෝගයක්. සමාජය තුළ කාන්තාවට තියෙන ගෞරවය එන්න එන්නම නැති වෙන අවධියක් අපි ඉන්නෙ.

වර්තමානයේ ගැහැණු ළමයෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පිරිමින්ගෙන් යම් යම් බලපෑම් එල්ල වීම්. ඕනෙවට වඩා තමන්ගෙ සිරුර දිහා බැලීම , ප්‍රසිද්ධියේ තමන්ගෙ සිරුර ගැන යම් යම් දේවල් කතා වීම , සහ පිරිමින්ගෙන් සිදු වන සුලු සුලු කරදර මේ වගේ බලපෑම් කීපයක්. විශේෂයෙන්ම ගැහැණු ළමුන්ගේ පපු ප්‍රදේශය ආශ්‍රිතව.

ඉතින් ගැහැණු ළමයෙක් විදිහට මේ දේවල් සමග ගණුදෙනු කරන්නෙ කොහොමද? තමන්ගෙ පියයුරු පිළිබඳව , පිරිමින්ගෙන් වන ප්‍රශ්න සමග ගනුදෙනු කරන්නෙ කොහොමද? කියන එක ගැනයි මේ කතා කරන්නෙ.

ලංකාවෙ තරුණ ගැහැණු ළමයෙක්ව උදාහරණයකට ගත්තම , අපිට පුලුවන් ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ මේ ගැන කතා කරන්න.

 


 

1. පාසලේ හෝ වැඩකරන ස්ථානයේ , තමන්ට කරදරයක් උන පිරිමින් සමග ගණුදෙනු කිරීම.

 

1) එතනින් අයින් වෙන්න.

 
තමන්ගෙ පාසලේ පිරිමි ළමයෙකු හෝ වැඩ කරන ස්ථානයේ පිරිමි පුද්ගලයෙක් , ඔයාට කරදර කරන්න , ඔයාට විවිධ උපහාසාත්මක දේවල් කියන්න එනව නං හෝ ඔයාව ස්පර්ශ කරන්න උත්සාහ කරනාව නං , ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න. කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉවත් වෙන්න.

පිරිමි කෙනෙක් එහෙම ඔයාට කරදර කරනව නං කරන්නෙ ඔයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඉතින් ඔයා ඒ දේවල් නොසලකා හැරල එතනින් ඉවත් උනාම , ඒ කෙනාටත් එපා වෙලා ඔයාට කරදර කරන එක නවත්තාවි.

  • ඔහු කිව්ව යම්කිසි දෙයක් නිසා ඔයාව ගොඩක් පීඩාවකට පත් උනා නම් ඒ ගැන තමන්ගෙ ගුරුවරයෙක්ට , යාලුවෙක්ට හෝ සැලකිය හැකි වැඩිහිටියෙක්ට කියන්න. මේකෙන් ඔයාට ඒ පීඩාව ගැන කතා කරන්න පුලුවන් වෙන නිසා , මානසික පීඩනයකට පත් වෙන්න උවමනාවක් නෑ. සහ ඒ වැඩිහිටියන් හෝ ගුරුවරුන් අදාල පිරිමි ළමයාට අවවාද කරන්නත් පුලුවන්.

 
 

2) ඔයාට කරදර කරන්න එපා කියල ඔහුගෙන් ඉල්ලා සිටින්න.

 
කොල්ලොන්ට සමහර වෙලාවට තේරෙන්නෑ තමන් මේ කියන්නෙ ගෑණු ළමයෙක්ට කියන්න සුදුසු නැති දෙයක් කියල. ගැහැණු ළමයෙක්ගෙ පපු ප්‍රදේශය ගැන කතා කරනකොට මේක බොහොම පොදු ප්‍රශ්නයක්. කොල්ලොන්ට ඔක්කොම විහිලුවක් නෙ.

කොල්ලොන්ට , කෙල්ලෙක්ගෙ පපුවක් කියන්නෙ නිකං අමුතුම දෙයක් වගේ නිසා ඒ ගැන , අදාළ කෙල්ලට ඇහෙන්නත් එක්ක එක එක ඒව කියන්න පුලුවන්. ඒ තමන් කියන්නෙ වැරදි දෙයක් බව නොදැන. ඉතින් ඔයාට මෙහෙම කොල්ලෙක් කරදර කරන්න ආවොත් , ඔයාට පුලුවන් ඒ කෙනාගෙන් , එහෙම දේවල් කියන්න එපා කියල ඉල්ලා සිටින්න.

ඒ වගේම සැලකිලිමත් වෙන්න, ඒ කෙනා තනියම ඉන්න වෙලාවක් බලල ගිහින් කියන්න , එහෙම දේවල් කියන්න එපා කියල. මොකද කොල්ලො සෙට් එකක් ඉන්නකොට , එතන ඉන්න කිසිම කෙනෙක් කෙල්ලෙක් කියන දෙයක් අහන්නෑ. ඒ වෙනුවට ඔවුන් ඔයාට තව තව දේවල් කියන්න පටන් ගනී.

ඒ වගේම බොහොම සන්සුන්ව කතා කරන්න. ආවේගශීලීව කතා කරන්න යන්න එපා. එහෙම ආවේගශීලීව කතා කරල කිව්වොත් , "මට මෙහෙම දේවල් කියන්න එපා මට පාඩුවෙ ඉන්න දෙන්න" කියල , ඔහු ඒක අණ කිරීමක් හැටියට සලකල , ඔහුත් defensive method එකකට ඔයාට කතා කරයි.

ඒ වගේම ඔයා එයා කරපු හෝ කියපු වැරදි දෙය පැහැදිලිව සඳහන් කරන්න. එහෙම කියල , ඊට පස්සෙ කියන්න ඒ දේවල් කරන්න , කියන්න එපා කියල. මොකද ඔහුට තේරුන්නත්තං ඔහු කරපු වැරදි වැඩේ මොකක්ද කියල , ඔහු හිතයි වෙන දෙයක්.

 

3) තනියම ඉන්න එක අඩු කරන්න.

 
කොල්ලෙක් ඔයාට කරදර කරන්න එනව නං , ඔයාගෙ පියයුරු ස්පර්ශ කරන්න හදනව නං හෝ එවැනි යමක් කරන්න උත්සාහ කරන්න හදනව කියල තේරුනොත් , තනියම ඉන්න එක අඩු කරන්න. උදාහරණයකට , ඉස්කෝලෙක නං ඉස්කෝලෙ ඇතුලෙ එහෙ මෙහෙ තනියම යන්න එපා. යාලුවෙක් එක්ක යන්න. පංතියක හෝ වැඩ කරන ස්ථානයක නං පාලු තැන් වල රැඳෙන්න යන්න එපා. කීප දෙනෙක් හෝ යාලුවෙක් එක්ක ඉන්න.

 

4) ආවේගශීලි ප්‍රතිචාර වලින් වළකින්න.

 
කොල්ලෙක් ඔයාගෙ පපු ප්‍රදේශය ගැන එක එක ඒව කියල තියෙනව නං ඔයාට ඒ වෙලාවට උට කණ පැලෙන්න දෙක තුනක් ගහන්න හිතිල ඇති. ඒක සාමාන්‍ය දෙයක්. සහ නොකළ යුතු දෙයක්. කාන්තා බලය පිළිබඳ දෙයක් නෙවෙයි මම මේ කියන්නෙ.

ඔයා එහෙම ක්‍රියාමාර්ගයකට ගියාම , ඒ කොල්ලා දැනගන්නවා ඔයාව අපහසුතාවට පත් කරන්න ලේසී කියල. ඒ නිසා ඔහු ආපහු ආපහු ඒ දේවල් කරන්න ගන්නව. ඒ වගේම ඔහු ගොඩක් කේන්ති යන කෙනෙක් නං , ඔයාගෙ ආවේගශීලී ප්‍රතිචාර වලට කේන්ති ගිහින් ඔයාට කායික හානියක් උනත් කරන්න පුලුවන්.

ඒ නිසා හැකි සෑම විටම ආවේගශීලී ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.

 

5) විශ්වාසයකින් යුතුව තත්වය සමනය කරන්න සූදානමින් ඉන්න.

 
කාන්තාවක් විදිහට ඔයා සෑම විටම සූදානමින් ඉන්න ඕනෙ වෙනත් අයගෙ නිරීක්ශණයන්ට හසුවෙන්න. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාගෙ පපු ප්‍රදේශයට වෙනම විධිහක් නෑ. හුඟක් කොල්ලෝ බලන දෙයක් ඕක. මේ වගේ අවස්ථාවක ඔය හැසිරෙන්න ඕනෙ තත්වය සමනය වෙන විදිහට.

  • උදාහරණයකට මෙහෙම හිතන්න. ඔයාගෙ යාලුවෙක් හෝ කාර්යාල සගයෙක් ඔයාට අනවශ්‍ය කතාවක් කියනව. ඔයාගෙ පපු ප්‍රදේශය ගැන. ඔයාට එතකොට ඒ කෙනාට කියන්න පුලුවන් , "ඔයා ඒ කියපු දෙය අනවශ්‍ය දෙයක් හැටියට හිතනව මම. ඒ නිසා පුලුවන් නං ඉස්සරහට එහෙම දේවල් නොකියා ඉන්න" කියල.
  • එහෙමත් නැත්තං කොල්ලෙක් ඔයා එක්ක කතා කර කර ඉන්නකොට ඒ කොල්ලගෙ ඇස් ඔයාගෙ පපුව දිහාට එල්ල වෙලා තියෙනව දැක්කොත් , ඔයාට පුලුවන් කතා කරන එක නවත්තල එයා දිහා බලන් ඉන්න. එතකොට ඒ කොල්ලට , ඔයා කතාව නැවැත්තුව කියල මීටර් වෙලා ඔයාගෙ මූණ දිහා බැලුවට පස්සෙ ආපහු ඔයා කතා කරන්න ගන්න. ඒකෙන් පොඩි සිග්නල් එකක් යනව ඒ කොල්ලට , ඌ කලේ වැරැද්දක් කියන්න.

 
 

6) පැමිණිලි කරන්න.

 
ඔයා කොච්චර කොහොම මොනව කිව්වත් , කවුරු හරි කොල්ලෙක් ඔයාට කරදර කරන්න එනවනං , ඔයාව ස්පර්ශ කරන්න එනව නං , ඔයාට පුලුවන් ඒ ගැන ගුරුවරයෙක්ට , බලධාරියෙක්ට හෝ පිළිගත හැකි තැනක ඉන්න වැඩිහිටියෙක්ට කියන්න. ඔයාගෙ ආරක්ශාව ගැන ඔයාට පොඩි හරි සැකයක් තියෙනව නං ඒ දේ කරන්න.

මොකද විහිලුවකට හෝ කොල්ලෙක් ඔයාව අනවසරයෙන් ස්පර්ශ කරන්න එනව නං ඒක ලිංගික අපයෝජනයක්.

 


 

2. පොදු ස්ථානයකදී කෙනෙක් ඔයාගෙ පියයුරු දෙස බලා සිටියහොත් හෝ ඒ පිළිබඳ නුසුදුසු යමක් කීවහොත්,

 

1) ඒ ගැන නොසලකා හරින්න.

 
කලින් කිව්ව වගේම පිරිමි කෙනෙක් එහෙම කරන්නෙ ඔයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ දේ වෙන්න දෙන්න එපා. හදිසියේවත් ඒ කෙනා ඔයාට කායිකව බලපෑමක් එල්ල කරන්න ආවොත් වහාම ඒ පිළිබඳව ඉහළ නිලධාරියෙක්ට හෝ වැඩිහිටියෙක්ට දැනුම් දෙන්න.

 

2) ඔයාට නිදහසේ ඉන්න දෙන්න කියල ඉල්ලා සිටින්න.

 
පාරක , පොදු ස්ථානයක ඉන්නකොට කවුරුන් හෝ ඔයාගෙ පපු ප්‍රදේශය ගැන ඕනෙවට වඩා බලනව හෝ , ඔයාට ඒ සම්බන්ධව එක එක දේවල් කියනව නං , ඔයා ඒ ගැන සැලකිල්ලක් දක්වන්නැතුව ඉන්න කිව්වනෙ කලින්. එහෙම කරලත් ඒ කෙනා , ඒ වැඩේ නවත්තන්නැත්තං , බොහොම කාරුණිකව ගිහිල්ලා ඒ කෙනාට කියන්න "ඔයා කරන වැඩෙන් මට අපහසුවක් දැනෙනවා. කරුණාකරල ඕක නවත්තන්න කියල".

ටිකක් සැර වචන පාවිච්චි කලාට කාරුණික ස්වරූපයෙන් කතා කරන්න. එහෙමත් නැත්තං "මගේ සිරුර ගැන ඔය දේවල් කතා කරන එක මට අපහසුවක්. ඒ නිසා ඕක නවත්තන්න" වගේ දෙයක් කියන්න.

 

3) ශරීරය දැඩිව හසුරවන්න.

 
අපි ඉන්නෙ කාන්තා මූලික සමාජයක කිව්වට , කෙල්ලෙක් එක්ක උනත් වලියට එන ජාතියෙ පිරිමි දැන් ඉන්නෙ. ඒ නිසා එහෙම අවස්ථාවක , ඒ කියන්නෙ කවුරුන් හෝ ඔයාට , ඔයාගෙ සිරුර ගැන යම් දේවල් කිය කිය තර්ජනය කරන්න ආවොත් , පසුබහින්න එපා.

ඉස්කෝලෙක , වැඩ කරන ස්ථානයක වගේ නෙවෙයි. පොදු ස්ථානයක තත්වය වෙනස්. ඒ වෙලාවට ඔයාට හිතෙයි ලැජ්ජාවෙන් පසුබහින්න ඕනෙ කියල. ඒත් එහෙම කරන එකෙන් වෙන්නෙ ඔයා ඒ කෙනාට යටත් වීමක්. ඒ හින්දා ඔයා ඒ කෙනාට දැඩිව මුහුණ දෙන්න.

  • උදාහරණයකට , කෙනෙක් ඔයාට බලපෑම් කරන්න ආවොත් ඔයාට පුලුවන් ඒ කෙනාගෙ මූණ දිහා එක එල්ලේ බලාගෙන , සෘජුව හිටගෙන "කරුණාකරල මගෙන් ඉවත් වෙන්න" කියල කියන්න.

 
 

4) අදාළ පුද්ගලයව විශේෂයෙන්ම හඳුනගන්න පුලුවන් දෙයකට ඉලක්ක කරන්න.

 
බස් එකක හෝ කෝච්චියක යනකොට පියයුරු ස්පර්ශ කරන්න තැත් කිරීම් , නුසුදුසු දේවල් පැවසීම් වෙන එක දැන් නං හෙනම ප්‍රසිද්ධ දෙයක්. මොකද මිනිසුන් ගොඩේ ඒක කරන්න හරි ලේසී. ඔයාට එහෙම දේකට මුහුණ දෙන්න උනොත් , ඔයාට ඒකෙන් අපහසුවක් දැනුනොත් ඔයා මෙහෙම කරන්න.

අදාළ පුද්ගලයව ක්ශණිකව හඳුනගන්න පුලුවන් වෙන දෙයක් ඉලක්ක කරල ඔහුටයි වටේ පිටේ ඉන්න වෙන අයටයි ඇහෙන්න කතා කරල කියන්න , "කරුණාකරල මගෙ ඇඟෙන් ඉවත් වෙන්න කියල".

උදාහරණයකට ,

  • නිල් පාට ශර්ට් එකක් දාගත්ත කණ්නාඩි දාන එකෙක් ඇවිල්ල ඔයාගෙ පියයුරුවක අතක් වද්දන්න උත්සාහ කරනව. ඔයා ඒ කෙනාට මෙහෙම කියන්න. "ඔය කණ්නාඩි දාන නිල්පාට ශර්ට් එකක් ඇඳන් ඉන්න කෙනා... කරුණාකරල මගෙ ඇඟෙන් අයින් වෙනවද. මට අපහසුවක් ඒක".

 
දැක්කද. වටේ පිටේ ඉන්න අයට ඒ කෙනාව ඉක්මනට වෙන් කරල හඳුනගන්න පුලුවන් එතකොට. බස් වල එහෙම යනවනෙ දුක අහන අයියලා. එයාල එතකොට ඒ කොල්ලා ගැන බලාගනී.

හැබැයි මතක තියාගන්න. සමහර අහිංසකයො අතින් නොසිතාම මෙහෙම දෙයක් වෙන්න පුලුවන්. බස් වල එහෙම බ්‍රේක් ගහනකොට ගිහිල්ල අත එහෙ මෙහෙ වදින්න පුලුවන්නෙ ඉතින්. එහෙම උනා කියල ඒ මිනිහව කන්න යන්න එපා. ඔයාට සැකහැර දැනගන්න පුලුවන් නං , අදාළ කෙනා ඔයාගෙ පියයුරු ස්පර්ශ කරන්න හදනව කියල , අන්න එතකොට උඩ ක්‍රමය පාවිච්චි කරන්න.

 


 

3. ඔයාගෙ ජීවිතයට සම්බන්ධ මිනිසුන් සමග ගනුදෙනු කිරීම.

 

1) ඔවුන් සමග විවෘතව ඒ ගැන සාකච්ඡා කරන්න.

 
ඔයාගෙ පෙම්වතා , සැමියා හෝ යාලුවෙක් ඔයාගෙ පියයුරු ගැන දෙයක් කීමෙන් ඔයා අපහසුතාවට පත් උනා නං ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. ඒකෙන් ඔයාට ඔවුන් ගැන කලකිරුනු බවක් හෝ ඒ හා සමාන දෙයක් කියන්නැතුව , මීට පස්සෙ එහෙම දේවල් නොකර ඉන්න කියල ඉල්ලන්න.

මතක තියාගන්න , මේ සාකච්ඡාව තුළදි ඔයා සීරියස් මූඩ් එකක ඉන්න ඔනෙ. ඔයා ඇත්තටම කියන දේ අදහස් කරන බව ඔවුන්ට දැනෙන්න සලස්වන්න ඕනෙ.

 

2) සෘජු හේතු දැක්වීමක් ඉදිරිපත් කරන්න.

 
ඔයාගෙ පෞද්ගලික ජීවිතයේ ඔයාට සමීපතම කෙනෙක් උනාට , ඒ කෙනාට ඔයාගෙ හිතේ තියෙන දේවල් දැනගන්න බෑනෙ. හිතන්න ඔයාගෙ පෙම්වතා ඔයාගෙ පපු ප්‍රදේශය අතපත ගාන්න හදනව හෝ ඒ දෙස ඕනෙවට බලා බලන එක ඔයාට කරදරයක් නං , ඔයා සෘජුවම ඔහුට ඒ ගැන කියන්න ඕනෙ.

ඔයා අපහසුතාවට පත් උනේ ඇයි , ඔයා ඒකට අකමැති ඇයි වගේ හේතු සහිතව සෘජුවම ඔහුට ඒ බව දන්වන්න. ඇත්තටම ඔයාව තේරුම් ගත්ත කෙනෙක් නං , ඔහු ඊට පස්සෙ ඒ දේවල් කරන එක නවත්තාවි.

 

3) කතාබහ වෙනතකට යොමු කරන්න.

 
ඔයාගෙ සමීපතම කෙනෙක් ඔයා එක්ක , ඔයාගෙ පියයුරු සම්බන්ධ කහාබහකට අවතීර්ණ වෙන්න හදනව නං , ඔයා ඒකට අකමැති නං , ඒ කතාව වෙනතකට යොමු කරන්න.

ඔයාට පුලුවන් ඔයා දැනගත්ත දෙයක් ගැන එයාට කියන්න. හෝ එයාගෙන් යම්කිසි දෙයක් අහන්න. කතාව නිතරම ඔයාගෙ පියයුරු වලින් පිටතට තියාගන්න.

කීපවතාවක්ම ඔයා මෙහෙම කතාබහ වෙනස් කරනකොට ඔහු නිකංම දැනගනීවි ඔයා ඒ කතාබහට කැමති නෑ කියල.

 

4) ඔහුව ඔයාගෙ ජීවිතේ තවදුරටත් තියාගන්නවද කියන එක ගැන හිතල බලන්න.

 
ඕනෙම කොල්ලෙක් කැමතියි තමන්ගෙ පෙම්වතියගේ හෝ තමන් ආදරය කරන ගැහැණු ළමයාගෙ පියයුරු ස්පර්ශ කරන්න. ඒම සාමාන්‍ය ස්වභාවය.

ඒ උනත් ඇය ඒකට අකමැති බව දැන දැනත් එහෙම කරන්න උත්සාහ කිරීමෙන් ඇඟවෙන්නෙ ඔහුට ඇය හෝ ඇයගේ සිතුම් පැතුම් ගැන වගතුවක් නැති බවයි. ඔයාටත් එහෙම අත්දැකීමක් තියෙනව නං , ඒ කියන්නෙ ඔයා කීප වතාක්ම ඔයාගෙ පෙම්වතාට , තමන්ගෙ පියයුරු ස්පර්ශ කරන්න එපා , තමන්ගෙ පියයුරු ගැන නොහොඹිනා දේවල් කියන්නෙ එපා කියල ඉල්ලා සිටියත් , ඔහු නැවත නැවතත් ඒකම කරනව නං , ඔහු සමහරවිට ඔයාගෙ ශරීරයට විතරක් ආස කරනව වෙන්නැති.

එහෙම කොල්ලොත් ඉන්නවනෙ. කොල්ලගෙ උවමනාවට කෙල්ලොන්ව පාවිච්චි කරන.

ඉතින් ඒ වගේ කෙනෙක්ව තවදුරටත් ජීවිතය තුළ තියාගන්නවද නැද්ද කියල එක ගැන හිතල බලන්න වෙනව.

 


 
මේ ලිපිය ලිව්වේ ගැහැණු ළමයෙකුගේ පියයුරු සම්බන්ධව පිරිමින්ගෙන් වන බලපෑම සමග ගණුදෙනු කරන්නෙ කොහොමද කියන එක ගැන දළ අදහසක් දෙන්න. ඔයාල එහෙම අවස්ථාවක හැසිරෙන විදිහ , අනිත් අයටත් දැනගන්න comment එකක් දාන්න.

 

භාවිත කළ ලිපි/මූලාශ්‍ර:-

 

 

More From LearnBits

1 2 3

Post a Comment

Previous Post Next Post

Contact Form