Telegram Topics ගැන දැනගන්න

 
Telegram Topics කියන්නෙ telegram තුළින් හඳුන්වා දීපු අලුත්ම විශේෂාංගය. ඉතින් මේ ලිපිය ගෙනාවෙ ඔයා , ඒ ගැන දැනගන්න ඕනෙ දේවල් ටික , කියන්න. කරුණු වශයෙන් කියන් යන්නම් මං.

» Topics කියන්නෙ Telegram groups සඳහා හඳුන්වල දීපු දෙයක්. (private grp සහ Public grp)

» ඒක හරියට ගෲප් කීපයක් එකතු කරල තනි එක ගෲප් එකක් හැදුව වගේ. එහෙමත් නැත්තං අපි මේ සිස්ටම් එකට කියනව Forum thread එකක් කියල.

» Group එකක Topics feature එක On කරන්න නං , ඒ අදාළ ගෲප් එක චැනල් එකකට link කරල නොතියන්න ඕනෙ. සහ අවම සාමාජිකයන් 200ක් ඉන්න ඕනෙ. චැනල් එකකට link කරපු (comment grps) හෝ සාමාජිකයන් 200ට වඩා අඩු ගෲප් වලට මේ පහසුකම ලබාගන්න බෑ.

» Topic පහසුකම premium හෝ free ඕනෙම කෙනෙක්ට ලබාගන්න පුලුවන්. (කලින් කියපු සුදුසුකම් දෙක තියෙනව නං)

» Group Owner ට විතරයි Topic පහසුකම ON/OFF කරන්න පුලුවන්. ඒක කරන්නෙ Group menu එකේ තියෙන "Topics" කියන Option එක on / off කරල. (උඩම පොටෝ එක)

» Group owner ට පුලුවන් "manage topic" permission එක අනිත Admin ලට ලබා දෙන්න. මේ permission එක පෙන්නන්නෙ , ඒ ගෲප් එකේ Topic feature එක On කරල තියෙනව නං විතරයි.

» ඒ වගේම Group members ලටත් "Manage Topic" permission එක දෙන්න පුලුවන්. (එහෙම නොකරනව නං වඩාත උචිතයි)

» Topics feature එක On කලාට පස්සෙ , ගෲප් එක පෙන්නන්නෙ සාමාන්‍ය විදිහට නෙවෙයි. ඔයා ගෲප් එකට ගියාම , ඔයාට පෙන්නන්නෙ තවත් chat list එකක් වගේ එකක්. ඒ තියෙන්නෙ විවිධ Topics. ඔයාට පුලුවන් ඒ අදාල topic එකට ගිහිල්ල මැසේජ් කරන්න. (මැසේජ් කරන්න අවසර දීල නං විතරක්)

» ඇඩ්මින්ලට සහ Owner ට පුලුවන් , විවිධ Topics නිර්මාණය කරන්න සහ , ඒ Topics අල නම සහ Topic icon එක වෙනස් කරන්න. (Topic icon කියන්නෙ profile picture එක වගේ දෙයක්)

» Topic icons විදිහට පාවිච්චි කරන්න පුලුවන් animated imojis විතරයි.

» ඕනෙම කෙනෙක්ට (premium සහ premium නැති) පාවිච්චි කරන්න පුලුවන් ආකාරයේ animated imoji කීපයක් telegram තුළින්ම සපයල තියෙනව.

» ඒ වගේම premium users ලට , ඕනෙම animated imoji යක් , Topic icon එක විදිහට පාවිච්චි කරන්න පුලුවන්.

» Topics වල තියෙන්නෙ option කීපයයි. ඒ තමයි mute , unmute , pin , view info , re-open , close සහ delete කියන ටික. 

» එක ගෲප් එකක pin කරන්න පුලුවන් එක topic එකයි.

» Topic එකක් ඇතුලෙ ඔයාට ඕනෙම විදිහකට මැසෙජ් කරන්න පුලුවන්. හැබැයි Reply indicator එකක් පෙන්නන්නෑ.

» ඔයා වෙනත් තැනක දෙයක් , ඒ Topics සහිත ගෲප් එකට forward කරනකොට , ඔයාට තෝරගන්න පුලුවන් ගෲප් එකේ මොන topic එකටද ඒක forward කරන්නෙ කියල.

» Topic එකක් close කලොත් , ඒක ආපහු open කරන්න පුලුවන්. හැබැයි close කරපු topic එකක members ලට මැසේජ් දාන්න බෑ.

» යම් Topic එකක් close කරල නං ඒ ටොපික් එක අයිනෙ පොඩි ලොක් එක්ක සලකුණක් පෙන්නනවා.

» යම් කිසි Topic එකක් ඩිලීට් කලොත් ඒ ටොපික් එකේ තිබ්බ මැසේජ් ඔක්කොම "View as massages" තුළින් බලාගන්න පුලුවන්.
(ගෲප් එකට ගියාම , උඩින් එන ඩොට් තුන click කලාම පෙන්නනවා view as massage option එක)

» Owner විසින් ගෲප් එකේ Topic feature එක OFF කලොත් , ඒ ගෲප් එක ආපහු සාමාන්‍ය විදිහටම පෙන්නනව. ඒ කියන්නෙ view as massages ටයිප් එකට. 

» ආපහු ගෲප් එකේ Topic feature එක ON කලොත් , ආපහු පාරක් කලින් තිබ්බ වගේම මැසේජ් අදාල ටොපික්ස් වලට වෙන් වෙලා පෙන්නනවා.

» Topics ඔක්කොම හැසිරෙන්නෙ ප්‍රධාන ගෲප් එකේ settings වලට අනුවයි. උදාහරණයකට group  එකේ poll දාන්න බැරි විදිහට හැදුවොත් , ඒ ගෲප් එකේ හැම Topic එකකටම poll send කරන්න බැරි වෙනව.

» ගෲප් එක පරණ එකක් නං , ඒ ගෲප් එක Topic feature එකට වෙනස් කරන්න කලින් දාපු මැසේජස් කිසිම ටොපික් එකක පෙන්නන්නෑ. ඒව බලාගන්න නං "view as massage" කියන තැනින් යන්න ඕනෙ.

» ගෲප් එකේ අලුත් Topic එකක් හැදුවම , "Topic Created" කියන service මැසේජ් එකක් පෙන්නනව. (ඔය user joined / left වගේ ඒව). ඒ මැසේජ් එක ඩිලීට් කරන්න බෑ. නමුත් ඒ ටොපික් ඇතුලෙ තියෙන අනිත service massages ඩිලීට් කරන්න පුලුවන්. (Pin / Name change / Icon change)

» එක එක Topic වලට වෙනම profile එකක් තියෙනව. ටොපික් එකකට ගිහිල්ල උඩ bar එක ක්ලික් කලාම එතනට යන්න පුලුවන්. ඒ අදාළ ටොපික් එකේ link එකත් එතනින් ගන්න පුලුවන්.

» Topic feature එක ON කරන්න දාපු මැසේජ් එඩිට් කරන්න බැරි වෙනව. හැබැයි ඩිලීට් කරන්න පුලුවන් වෙනව.

» Group Joined / leave මැසේජ් "View as massage" කියන තැනින් ගියාම බලාගන්න පුලුවන්.

» Topic feature එකේ තාමත් ගැටලු ගොඩක් තියෙනව. මේක සර්ව සම්පූර්ණ නෑ. ඉස්සරහට අලුත් අප්ඩේට් එකකින් telegram එකෙන් ඒ ගැටලු වලට විසඳුම් ගෙනේවි.
  

Pro Tips

- ඔයත් ගෲප් එකක Topics විදිහට පවත්වන් යනව නං , Rules කියල ටොපික් එකක් හදල ඒක pin කරන්න. නීති රීති ආදිය ඔක්කොම ඒ ටොපික් එකෙන් පළ කරන්න. ඊට පස්සෙ ඒ ටොපික් එක close කරන්න. (ඩිලීට් කරන්න නෙවෙයි)

- ඇඩ්මින්ලට විවෘතව සාකච්ඡා කරන්න වෙනම Topic එකක් හදන්න. ඒක close කරන්න. එතකොට members ලට ඒකෙ මැසේජ් දාන්න බෑ. නමුත් ඇඩ්මින්ලට පුලුවන්.

- ලොකු ගෲප් එකක් නං Topic කීපයකට එක ඇඩ්මින් කෙනෙක් ගානෙ පත් කරල අදාල permission ලබා දෙන්න.

- හොඳට සැලසුම් කරල ටොපික් එකක් නිර්මාණය කරන්න. ඒක ඩිලීට් නොකරන්න වෙන ගානටම විශ්වාසෙන් නිර්මාණය කරන්න. මොකද ඒ ටොපික් එකේ තිබ්බ මැසේජ් වෙනත් ටොපික් එකකට මාරු කරන්න බෑ.

- ගොඩක් ටොපික් හදන්න එපා. අත්‍යවශ්‍ය ඒවට විතරක් හදන්න. අනිත් ඒවට පොදුවෙ එකම Topic එක භාවිත කරන්න.
උදා ;- memes & games (meme වලට සහ game වලට)

එහෙනං Topic ගැන දැනගත්ත කියල හිතනව. මේ ලිපිය දිගටම update කරනව. ඔයාල දන්න තව දේවල් තියෙනව නං @Drg_No ට මැසේජ් එකක් දාන්න.

ඒ වගේම අපේ LearnBits චැනල් එකට සමගාමීව පවත්වගෙන යන LearnBits Forum එකට Join වෙලා ඔයාට මේ හැම දේම බලාගන්න පුලුවන්.

Post a Comment

Previous Post Next Post

Contact Form