විෂ සහිත සබඳතාවක හමුවෙන 'Red flags' නොසලකා හරින්න එපා.

 
 Relationship Tips     Psychology     Life Tips     Youth 

"ඇයි මට නරක සහකරුවන්වම හමුවෙන්නෙ? ඇයි මම ඔවුන්වම ආකර්ශණය කරගන්නෙ? මුලදි ඒ හැමෝම හොඳට පේනව. ඒත් කාලයක් යනකොට මම මොනව කලත් මටයි රිදෙන්නෙ..!" කියන ප්‍රශ්නය ඔයා ඔයාගෙන්ම අහගෙන ඇති සමහර වෙලාවට. කිහිප වතාවක්ම සම්බන්ධයක් නරක විදිහට කෙලවර උනාම අපිට ඒ ප්‍රශ්නය හිතට එන එක සාමාන්‍යයයි.

මිනිස්සු ආදරය කරන්න කෙනෙක් හොයාගන්නෙ සහ වෙනමම සහකරුවෙක්ව හොයාගන්නෙ හැඟීම් බෙදාගන්න තැන ඉඳන් , ආත්මයන් පවා බෙදාගන්න තැනට පත් වෙන්න. ඉතින් අපි එහෙම හොයාගන්න සහකරුවෙක් , ඇත්තටම අපිට උචිත කෙනා නොවෙන්න පුලුවන්.

එකපාරක් නරක සහකරුවෙක් නිසා පාඩමක් ඉගෙන ගෙන , ඊට පස්සෙ හිතල බලල සහකරුවෙක් තෝරගන්න අය වගේම , පිට පිටම කීප වරක්ම නරක සහකරුවන් සමග සම්බන්ධතා පටන් ගන්න අය අපි අතර ඉන්නව. සරලවම දාර බූටක් කාල හැඳෙන උනුයි , බූට් විස්ස තිහ කෑවත් හැදෙන්නැති උනුයි ඉන්නව.

අපි මේ කතා කරන්නෙ දෙවනි කාණ්ඩය ගැන. සාමාන්‍යෙන් එහෙම නරක සහකරුවන් සමඟ ඇති කරගන්න සම්බන්ධතාවල , 'මේක යහපත් සබඳතාවක් නෙවෙයි' කියල , අපිට අඳුරගන්න පුලුවන් තැන් තියෙනව. අපි ඒවට කියන්නෙ affair එකක red flags කියල. තමන්ගෙ සහකරුවා/සහකාරිය සමග අධිකව කේන්ති ගැනීමේ ඉඳන් කායිකව හානිකිරීමි දක්වා වූ කරුණු ගොඩක් මේ red flags කාණ්ඩයට අයත් වෙනව.

නමුත් අපි මේ කතා කරන අයගෙ තියෙන ගැටලුව තමයි එහෙම red flags අඳුරගන්න බැරි වීම සහ අඳුරගත්තත් ඒව නොසලකා හරින එක.

මිනිස්සු පෙනුමෙන් සහ මානසිකත්වයෙන් එකිනෙකාගෙන් වෙනස් උනත් , අපි හැමෝටම සහ ගොඩක් සත්තුන්ට පොදු උන දෙයක් තියෙනව. ඒ තමයි අපි ළමා කාලයේ ලබාගත් දැනුම , අත්දැකීම් , හැඟීම් අපේ වැඩිහිටි අවධි වලටත් අරන් යනව. ඒ කියන්නෙ අපි වැඩිහිටියන් උනත් , ළමා කාලයේදී ලද සමහර අත්දැකීම් අනුව විවිධ තත්වයන්ට පිළිතුරු දෙනවා.

කොච්චර red flags දැක්කත් , ඒ ගැන නොසලකා හරින අය සහ , ඒව අඳුරගන්න බැරි අයත් මෙන්න මේ තත්වයට මුහුණ දුන් අය වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ළමා කාලයේ ලද අත්දැකීම් නිසා වැඩිහිටියෙක් වෙලත් එයා මේ දේවල් වලට මුහුණ දෙන්නෙ ළමා කාලයේ දක්වපු ප්‍රතිචාර වලින්මයි.

මම මේ කියන දෙය හොඳට තේරුම් ගන්න මේ උදාහරණ දෙක ගන්නම්. වැරදියට හිතන්න එපා කවුරුත්. ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්න දෙක මම මේ උදාහරණයකට ගන්නෙ.

"තාත්තා අපිට ආදරෙයි. එයාට සමහරවෙලාවට ගොඩක් කේන්ති යනව. එච්චරයි..!"

"අම්ම කොහොමත් ඔහොම තමයි. ඒක සාමාන්‍යයි. අපි එහෙම දෙයක් උනේ නෑ වගේ ඉඳල පස්සෙ සාමාන්‍ය විදිහටම ජීවත් වෙනව."

මේ අවස්ථා දෙක දිහා බැලුවම ඔයාට අවබෝධයක් එන්නැති මම මේ කියන දේ ගැන.

අම්ම තාත්ත කියන්නෙ ළමයෙක් හැටියට ඔයාට මට හිටපු සහ ඉන්න ලොකුම ආරක්ශකයො දෙන්න. අපි පුරුදු වෙලා ඉන්නෙ සහ හිටියෙ ඔවුන් මතම යැපෙන්න. පොඩි කාලෙදි තාත්තට තරහ ගිහිල්ල අපිට ගැහුවට , අම්ම අපේ ඔලුව කන්න හැදුවට අපිට පුලුවන්කමක් තිබ්බෙ නෑ ඒ සම්බන්ධකම් නවත්තන්න.

ඒ වෙනුවට අපි කලේ 'ඒ දේවල් සාමාන්‍යයි. එයාල අපිට ආදරෙයි මොනව උනත්' කියල හිතල ජීවිතේ ඉදිරියට අරන් ගිය එක. ඒ ගැන යම් ක්‍රියාමාර්ග ගන්න ගිය මිනිස්සු තමයි අන්තිමට මව පියා මැරුව කියල මිනිස්සුන්ගෙ අප්‍රසාදයට ලක් වෙන්නෙ.

අපි ආපහු අපේ ප්‍රධාන මාතෘකාවට එමුකො.

යම් සම්බන්ධයක red flags අඳුරගන්න බැරි අය සහ , අඳුරගෙනත් ඒක නොසලකා හරි අය , ඔවුන්ගෙ ළමා කාලයේ මේ තත්වයට මුහුණ දුන්න වෙන්න පුලුවන්. මම කියන්නෙ නෑ ආදර ප්‍රශ්න තියෙන හැමෝම අනිවාර්යයෙන්ම එහෙමයි කියල. මම කියන්නෙ , ගොඩක් වෙලාවට එහෙම ළමා කාලයක් තිබ්බ අය වැඩිහිටි අවධි වලත් දිගින් දිගටම සම්බන්ධතා වල තියෙන නරක සලකුණු නොසලකා හරිමින් අයහපත් සම්බන්ධකම් ඇති කරගන්න තියෙන අවස්ථාව වැඩී කියන එකයි.

මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ සහකරුවගෙ නරක දෙයක් දැක්කොත් ඒක "සාමාන්‍යයි" කියල හිතල ඉදිරියට යන එක. හරියට අපි අපේ අම්මල තාත්තල එක්ක කරා වගේ. අන්න ඒකම තමයි මෙතන තියෙන ගැටලුවත්.

කාලයක් තිස්සෙම සමීපතයන්ගෙන් වෙච්ච කරදර පීඩා හිරිහැර නොසලකා හැරල ඉඳල පස්සෙ වැඩිහිටි අවධි වලටත් ඒ පුරුද්ද අරන් ගිහිල්ල.

ඉතින් මේ තත්වය නැති කරගන්න අවශ්‍ය වෙන්නෙ තියුණු බුද්ධියක් සහ සහකරුවව තේරුම් ගැනීමට හැකියාවක් විතරයි. ලව් කරන හැමෝම තමන්ගෙ සහකරුවව තේරුම් ගන්න උත්සාහ කරන්නෑ.

සම්බන්ධයක ෆවුන්ඩේශන් එක ඔයාල දෙන්න. සහකරුවා සහ සහකාරිය. සම්බන්ධය අහස උසට ගොඩනගන්න කලින් ෆවුන්ඩේශන් එකේ අඩුපාඩු සහ 'redflags' අඳුරගෙන ඒව නිවැරදි කරන්න උත්සාහ කරන්න. එහෙම බැරි නං ඒ ෆවුන්ඩේශන් එකෙන් වැඩක් නැති වෙලා යනව.

උදව්වක් උනා කියල හිතෙනව. සුබ දවසක්.

Post a Comment

Previous Post Next Post

Contact Form