සුදු කුහර කියන්නෙ මිථ්‍යාවක්ද?

 
 Astronomy     LearnBits 

කලු කුහරයේ ප්‍රතිවිරුද්ධ සංකල්පයක් වන සුදු කුහරය...

 
Description එකේ තිබ්බ විදිහට මේ සුදු කුහරය කියන්නෙ තාම සංකල්පයක්. මෑතකදි නං , සුදු කුහරයක් හොයාගත්ත බවට මත පළ කෙරුණත් ඒ ගැන වැඩි දුර තොරතුරු හොයාගන්නකං අපිට මේ සංකල්පය තහවුරු කරගන්න බෑ.

 

මොකක්ද මේ සුදු කුහරයක් කියන්නෙ?

 
සුදු කුහරයක් කියන්නෙ සරලවම සෛද්ධාන්තිකව හඳුගත්ත , කලු කුහරයක හැසිරීම් රටාවට ප්‍රතිවිරුද්ධව හැසිරෙන කොස්මික්(cosmic) කලාපයක්. මෙහෙම හිතන්නකො. ඔයාල දන්නවා කිසිම දේකට කලු කුහරයකින් බේරෙන්න බෑ කියල. ඔක්කොම ඒක ඇතුලට ඇදගන්නවනෙ. ඒ වගේම කිසිම දේකට මේ සුදු කුහරයක් ඇතුලට යන්න බෑ.

විද්‍යාඥයන් ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියෙ මේ සුදු කුහර හැදෙන්නෙත් , කලු කුහරයක් උපදින විදිහටමයි කියල. ඒ උනාට මෑතකදි සමහරු මතයක් ගොඩනගන්න පටන් ගත්තා , මේ සුදු කුහරය සහ කලු කුහරය එකම කාසියක දෙපැත්තක් විය හැකි කියල. ඒ කියන්නෙ සුදු කුහරයක් කියන්නෙ , කලු කුහරයකම අනිත් පැත්තෙ end එක. හැබැයි මේ සංකල්පය , සාපේක්ෂතාවාදයේ නියමයන් උල්ලංඝනය කරන නිසා ඒ ගැනත් නිශ්චිතවම සනාථ කිරීමක් කරන්න හැකිවෙලා නෑ තාම.

Carlo Rovelli නම් ප්‍රායෝගික භෞතික විද්‍යා ආචාර්යවරයා මේ ගැන හරි අපූරු දෙයක් කියල තියෙනවා. ඔහු කියන විදිහට,
"අභ්‍යවකාශයේ ඉන්න පිරිසකට , සුදු කුහරයක් පේන්නෙත් කලු කුහරයක් වගේමයි. සුදු කුහරයකටත් ස්කන්ධයක් තියෙනවා. සුදු කුහරයකුත් ස්පින්(spin) වෙනව ඇති. සුදු කුහරයක් වටාත් යම් යම් දූලි වලලු තියෙනව ඇති. හැබැයි කවුරුන් හෝ දිගටම මේ සුදු කුහරය දිහා බලන් ඉන්නකොට අමුතු දෙයක් දකින්න පුලුවන් වෙනවා. කලු කුහරයක දකින්න නැති යමක්. සුදු කුහරය තුළින් යම් යම් දේවල් එලියට එනව දැක්කට පස්සෙ ඒ අයට කියන්න පුලුවන් වෙයි "අහා... මේක කලු කුහරයක් නෙවේනෙ. මේ සුදු කුහරයක්නෙ" කියලා."

ඒ වගේම සමහරු මේ සුදු කුහරය කියන එක හඳුන්වන්නෙ , කලු කුහරයක time reversal එකක් විදිහට. ඒ කියන්නෙ හිතන්න , කලු කුහරයක් කියන්නෙ සාමාන්‍ය විදිහට play වෙන video එකක් කියලා. එතකොට සුදු කුහරයක් කියන්නෙ ඒ video එකම ආපස්සට play වෙනව වගේ. (backwards playing). කලු කුහර සහ සුදු කුහර කියන්නෙ කාලය කියන මානයෙන් පිටත දේවල් නිසා මේක වෙන්නත් පුලුවන්.

මේ සුදු කුහරයක ඉඳල යම් යම් වස්තූන්ට එලියට එන්න පුලුවන්. මෙන්න මේ සිදුවීම නිසා සුදු කුහරය කියන දෙය , විශ්වීය අතීතයෙන් අපගමනය වෙනවා. සරලවම , සුදු කුහරයකට අතීතයක් නෑ. අනාගතයක් සහ වර්තමානයක් විතරයි තියෙන්නෙ. හැමෝටම තේරෙන්න මම මෙහෙම කියන්නං. හිතන්නකො දැන් පොඩි ග්‍රාහක කෑල්ලක් , සුදු කුහරයෙ ඉඳන් එලියට ඇවිත් විශ්වයට මුදා හැරෙනවා. ඒ උනාට අපි කලින් කතා උනා , මේ සුදු කුහරයක් තුළට කිසිම දෙයක් ඇතුල් වෙන්න බෑ කියල. ඒ කියන්නෙ ග්‍රාහක කෑල්ල කලින් සුදු කුහරයට ඇතුල් වෙලා නෑ. නිකංම පිට වෙලා විතරයි. සුදු කුහරය සහ කලු කුහරය එකම නලේක දෙපැත්තක් කියන්න හම්බෙන වැදගත්ම සාක්ශියත් මේක.

 

ඇත්තටම කලු කුහරයයි , සුදු කුහරයයි කියන්නෙ නිවුන් සහෝදරයන්ද?

 
විද්‍යා ලෝකය තුළ ආන්දෝලනයකට ලක් උන ප්‍රශ්නයක් මේක. අපි මේ කාරණය සරලව කතා කරමු.

සාමාන්‍යයෙන් අපේ සූර්යයා , තරු , ග්‍රහලෝක හැදිල තියෙන්නෙ අසීමිත ඝනත්වයකින්. ඒ කියන්නෙ ස්කන්ධ පරිමා අනුපාතය ගොඩක් වැඩී. (ස්කන්ධය÷පරිමාව). මෙන්න මේ අධික ඝනත්වය නිසා මේ ග්‍රහලෝක , තරු වගේ වස්තූන් කාලය සහ අවකාශය නමනවා. කාලය සහ අවකාශය කියන්නෙ හොඳට ඇදල තියෙන තුනී රබර් පටලයක් නං , ග්‍රහලෝක සහ තරු කියන්නෙ ඒක උඩට දාපු ජිල් බෝල කියල හිතන්නකො. බෝලෙ බර වැඩි වෙන්න වෙන්න , ඒක රබර් පටලය තුළට එබෙනවා.
 

මේ පොටෝ එක බලන්නකො. එතකොට තේරෙයි මම මේ විස්තර කරපු දේ.

 
මේ කලු කුහර සහ සුදු කුහර වල තියෙන්නෙ , ග්‍රහලෝක වලටත් වඩා අධික අසීමිත අපිරිමිත ඝනත්වයක්. ඉතින් මේ දේවල් සාමාන්‍යයෙන් ග්‍රහලෝක වලටත් වඩා කාලය සහ අවකාශය නැමීමකට ලක් කරනවා. සුදු කුහරයක ඝනත්වය ඊටත් වැඩී. සුදු කුහරයකින් , කොච්චර කාලය සහ අවකාශය නමනවද කිව්වොත් , සුදු කුහර පවතින්නෙ කාලයෙන් සහ අවකාශයෙන් පිටත මානයක.

සුදු කුහර සහ කලු කුහර කියන්නෙ නිවුන් සහෝදරයොද කියන එක මෙන්න මේ නිසා තීරණය කරන්න බැරි වෙලා තියෙනවා. මොකද සුදු කුහර සහ කලු කුහර වල ස්වභාවය ගොඩක් සමාන උනත් , එකක් කාලයෙන් පිටත මානයක තියෙනකොට ඒ දෙක සර්වසම වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා. කොහොම උනත් මේ නිවුන් සහෝදර සංකල්පය එච්චර සැලකිලිමත් වෙන දෙයක් නෙවෙයි. මොකද නිවුන් සහෝදරියො වෙන්නත් පුලුවන්.

ඒ වගේම තවත් ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා. "අපිට පහසුවෙන් හොයාගන්න පුලුවන් කලු කුහරයක් ගැන දැනගන්න අවුරුදු 40ක් ගත වුනා නං , සොයාගන්න තියා තාම පවතිනවාද කියලවත් සනාථ කරගෙන නැති සුදු කුහරයක් ගැන ඉගෙන ගන්න නං , අවුරුදු 100ක් වත් ගතවේවි". මේ තමා ඒ කියමන. හැබැයි ඉතින් මෙච්චර කල් යන එකක් නෑ. අවුරුදු 40කට කලින් තිබ්බ තාක්ෂණයට වඩා දැන් ලෝකය දියුණුයිනෙ.

 

සුදු කුහරය ඇත්තටම මිත්‍යාවක්ද?

 
සුදු කුහරයක් ගැන විස්තර කරන්න සාමාන්‍ය න්‍යාන්ට අනුව පුලුවන් උනාට , ඇත්තටම සුදු කුහරයක් හැදෙන්නෙ කොහොමද කියන එක ගැන නිසි අදහසක් නෑ. අපි මෙහෙම හිතමු. හිතන්නකො කලු කුහරයක් හැදෙන්නෙ , තරුවක් ඒකීය පරිමාවකට කුඩා වෙලා අධික ඝනත්වයකට පත් උනාම ඒක සුපර්නෝවා පිපිරුමකට ලක් වෙලා කලු කුහරයක් වෙනව කියල. එතකොට සුදු කුහරයක් කියන්නෙ , කලු කුහරයකම time reversal එකක් නං , ඒක වෙන්න බැරි දෙයක්නෙ. සුපර්නෝවා පිපිරුමක් ආපස්සට වෙලා , තරුවක් හැදෙනකොට එහෙනං සුදු කුහරයක් හැදෙන්න ඕනෙ.

අන්න ඒ නිසයි සුදු කුහරයක පැවැත්ම , ස්වභාවික නීති උල්ලංඝනය කරනව කියන්නෙ. සමහරු නං කියනවා දිගු කාලීන සුදු කුහර නෑ කියල. ඒව එක පාරටම විවෘත වෙලා ඇතුලෙ තිබ්බ ඒව හලල ආපහු වැහිල යනවලු.

 

එහෙමත් නැත්නම් සුදු කුහරය සත්‍යක්ද?

 
කලු කුහරයක් විසින් යම් යම් දේවල් ගිලගන්නව කියල අපි දන්නවා. එතකොට කලු කුහරත් සමහර වෙලාවට ක්ශය වෙලා මිය යනව කියල අපි දන්නවා. එතකොට කලු කුහරයෙන් ගිල ගත්තු හැමදේම යථාර්තයෙන් වියැකිලා යනවද?

මෙන්න මේ ප්‍රශ්නය නිසා අපිට සුදු කුහර ගැන විශ්වාස කරන්න වෙනව. මොකද පදාර්ථය විනාශ කරන්න බෑ. Re module කරන්න විතරනෙ පුලුවන්. ඒ නිසා කලු කුහරයකින් ගිලගත්තු ද්‍රව්‍යයන් , කුමන හෝ ස්වභාවයකින් පිටතට එන්න විදිහකුත් තියෙන්නෙ ඕනෙ. මේ සුදු කුහර කියන සංකල්පය කරලියට එන්නෙ මෙන්න මෙතනදි.

සුදු කුහරයක් කියන්නෙ , කලු කුහරයකම අනිත් කෙලවර ලෙස හඳුන්වන්න විද්‍යාඥයන්ට උද්දීපනයක් ආවෙ මේ නිසා. එහෙමනං ඇත්තටම සුදු කුහර තියෙන්නත් පුලුවන් වෙන්න ඕනෙ. ස්වභාවික න්‍යායන් වලට පටහැනි උනත් , ඒක වෙන්න පුලුවන්.

ඒ වගේම සමහරු කියනවා සුදු කුහරයක් උපදින්නෙ කලු කුහරයක් මිය ගියාම කියල. ඒ කියන්නෙ කලු කුහරය ක්ශය වෙලා මිය යන වෙලාවෙම , ඒ ශක්ති ස්කන්ධය සුදු කුහරයක් බවට convert වෙනවා. එතකොට කලින් කලු කුහරය විසින් ගිල ගත්ත දේවල් යම් ආකාරයකට සුදු කුහරයෙන් පිට වෙනවා. අවසන් ශක්තියත් සුදු කුහරයෙන් පිට උනාට පස්සෙ , ඒ සුදු කුහරය නැති වෙලා යනවා. මේක තමා සමහරු පිළිගන්න මතය.

ඉතින් ඔයාලට තේරෙනව ඇති සුදු කුහරයක පැවැත්ම සනාථ කරන්න සහ ප්‍රශ්න කරන්න අවශ්‍ය හේතු සාධක තියෙනව කියල. අනාගතේ සමහරවිට සත්‍ය වශයෙන්ම දැනගනීවි සුදු කුහරයේ කතාව. එතකන් අපිත් පිළිගමු සුදු කුහර පවතිනවා කියල.

 

Space.com වෙබ් අඩවිය ඇසුරෙන් https://www.space.com/white-holes.html

 

 

 

More From LearnBits


  මුලින් තමන් වැඩේ කරල ඉන්න.
ඔසප් වේදනාව සමනය කරන්නෙ කොහොමද
ලෝකෙ ගැඹුරුම වල

Post a Comment

Previous Post Next Post

Contact Form