ලෝකෙ ගැඹුරුම වල මරියානා ආගාධය නෙවෙයිද?
ඇත්තටම ලෝකෙ ගැඹුරුම සිදුර පිහිටල තියෙන්නෙ නෝර්වීජියානු දේශසීමාව ආසන්නයේ රුසියාවේ මර්මන්ස්ක් නම් නගරයේ අතහැර දැමූ ව්‍යාපෘති භූමියකයි. ඉතින් තේරෙනවනෙ. මේක ස්වභාවික සිදුරක් නෙවේ. මිනිසුන් විසින් නිර්මාණය කරපු සිදුරක්.
දැනට නම් මේ සිදුර වෑල්ඩින් කරල වහල දාල තියෙන්නෙ. කාටවත් නිරීක්ශණය කරන්නවත් බැරි වෙන්න.
ඒ නගරවාසීන් ඉස්සර මේ සිදුර හඳුන්වල තියෙන්නෙ අපායේ ළිඳ කියලා. එහෙමත් නැත්තං Kola Superdeep Borehole කියල.
මේක මහා ලොකු සිදුරක් නෙවෙයි. යන්තම් අඟල් නවයක පමණ විශ්කම්භයක් තියෙන්නෙ. (සෙන්ටිමීටර් 23ක් පමණ). ඉතින් මේ සිදුරෙන් කාටවත් ඇත්තටම බහින්න බෑ.
මේ සිදුරේ කතාව ගැන විස්තර කළොත්,
මේ සිදුර පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් සැතපුම් 7.5ක් පමණ පහළට විහිදිලා තියෙනවා. ඒ කියන්නෙ ආසන්නව මීටර් 12,262ක් පමණ පහළට තියෙනවා. මේ සිදුර විදින්න රුසියානු විද්‍යාඥයන්ට අවුරුදු 20ක් පමණ ගත වෙලා තියෙනවා. විශ්කම්භය කලින් කිව්ව වගේ යන්තම් අඟල් නවයක් පමණ වෙන්නෙ.
මේ සිදුර සැතපුම් 9ක් පමණ පහළට විදින්න ඇස්තමේන්තු ගතකරල තිබ්බත් පෘථිවියේ පහළට යන්න යන්නම නොසිතූ විදිහට උශ්ණත්වය වැඩි වෙලා තියෙනවා. පෘශ්ඨයේ ඉඳන් සැතපුම් 7.5ක් පමණ පහළට යනකොට වසර බිලියන 2.7කට ආසන්න පැරණි පාශාණ දැවෙමින් තිබිලා තියෙනවා. ඒ සෙල්සියස් අංශක 180ක උශ්ණත්වයේ. මේ අගය , විද්‍යාඥයන් ඇස්තමේන්තු කරපු අගයට වඩා දෙගුණයක් පමණ ඉහළ අගයක් කියලත් වාර්තා වෙනවා.
ඉතින් එහෙම උෂ්ණත්වයක , මේ සිදුර හාරන්න යොදාගත්ත පයිප්ප සහ අනෙකුත් උපකරණ වලට් හානිවෙලා තියෙනවා.
ඒ වගේම මේ ව්‍යාපෘතියේ නියැලුණු විද්‍යාඥයන් කියන විදිහට මේ පොළව පතුලේ හම්බුනු පාශාණ වලට , ප්ලාස්ටික් මෙන් ස්වභාවයක් තිබිල තියෙනවා.
1992 දී කැණීම නතර කර දශකයකට පමණ පසු ව්‍යාපෘති භූමිය අතහැර දාල දශක කීපෙකට පස්සෙත් තාමත් , කෝලා සුපර්ඩීප් බෝර්හෝල් පෘථිවියේ ගැඹුරුම කෘතිම සිදුර සඳහා වාර්තාව තබාගෙන ඉන්නවා.
ඇයි මිනිස්සු මෙහෙම වලවල් හාරන්නෙ ගැඹුරට
ඇත්තටම අපිට නුදුරු අනාගතයේම , පෘථිවි අභ්‍යන්තරයට යන්න වෙනවා. පදිංචි වෙන්න නං නෙවෙයි. සම්පත් හොයන්න. මොකද දැනටමත් ලෝකෙ ස්වභාවික සම්පත් සීඝ්‍රයෙන් අවසන් වෙමින් යනවා. පොසිල ඉන්ධන ලබ ගැනීම , ලෝහ නිස්සාරණයට , සහ අනෙකුත් සම්පත් ලබා ගන්න අපිට දවසක පොළව අභ්‍යන්තරයට යන්න වෙනවා.
හැබැයි මේ සිදුර නිර්මාණය කලේ නං සම්පත් සොයගන්න නෙවෙයි. පෘථිවි කබොල පිළිබඳව අධ්‍යනය කිරීමට සහ පෘථිවි කබොලේ පරිණාමය පිළිබඳ අදහසක් ලබා ගන්න.
ඇත්තටම පෘථිවියේ අභ්‍යන්තරය නිරීක්ශණය කරන්න හදපු එකම සිදුර මේක නෙවෙයි. තවත් බොහෝ රටවල් වලින් මේ තරඟයට එකතු උනා. හැබැයි අනිත් රටවල් සියල්ලම , මේ තාක් දුරකට එන්න කලින් යම් යම් හේතු නිසා ව්‍යාපෘති අවසන් කරන්න උනා.