සංවේදී මිනිස්සු ඇත්තටම දුර්වලද? සමාජයේ ඔවුන්ට නොනැසී ඉන්න අමාරුද?
සරලම පිළිතුර ඔව් සහ නැහැ. මේක විවිධ අවස්ථා අනුව සහ තමන්ගේ සංවේදීබව අනුව තීරණය වෙන දෙයක්. ඒ නිසා අපිට ගන්න වෙන්නේ 50% අවස්ථාවක් විතරයි.
සංවේදිබව පෙන්වීම හැමෝ ළඟම තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා සංවේදී කෙනෙක්ට , එහෙම නොවෙන අයට කරන්න බැරි සමහර දේවල් කරන්න පුලුවන් වෙනවා. අනිත් අයව තේරුම් ගන්න , අනිත් අයගෙ හැඟීම් දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම සංවේදී කෙනෙක් , වෙනත් මිනිස්සු එක්ක ගොඩක් ලැදි වෙනවා. කවුරුත් ඒ වගේ කෙනෙක්ව ආස්‍රය කරන්න පසුබට වෙන්නෑ. මොකද සංවේදී මිනිස්සු ස්වභාවයෙන්ම ගොඩක් විනිවිදයි.
හැබැයි ඕනෙම දේක පමණ ඉක්මවා ගියාට පස්සෙ නරකක් වෙනවා කියල දන්නවනෙ. මේ සංවේදීබවත් එහෙම දෙයක්. මම මුලින්ම මේක 50% අවස්ථාවක් කිව්වෙත් ඒකයි.
LearnBits අපේ සාමාජිකයගෙ ප්රශ්නය උනේ , සංවේදී මිනිසුන් දුර්වලද කියන එක. ඉතින් ඒකට පිළිතුර තමයි නැහැ. සංවේදී මිනිසුන් සමාජයේ ශක්තිමත් ස්ථාවරයක් දරනවා. අනිත් අයට වඩා තමන් ගැන දන්නවා. සංවේදී මිනිසෙක් කියන්නෙ ගොඩක් වෙලාවට සමාජයෙන් අගය කරන කොට්ඨාසයක්. ඉතින් සංවේදි මිනිසෙක් වෙනව කියන්නෙ දුර්වලකමක් නෙවෙයි.
සමහර මිනිස්සු , අඩුම ගානෙ තමන්ගෙ හැඟීම් ගැනවත් හරියට දන්නෑ. එහෙම කෙනෙක් සමාජය තුළ ස්ථාවරයක් හදාගන්නෙ කොහොමද?
පිළිතුර නැත ---> පිළිතුර ඔව්
හිතන්න ඔයා ඕනෙවට වඩා සංවේදී. ඔයාගෙ සමීපතයන් හැම කෙනෙක්ගෙම ප්‍රශ්න , ඔයත් කරගහනවා. ඊට පස්සෙ කාංසාවෙන් කල් ගෙවනවා. ඔයා ගැන වෙන මිනිස්සු කරන විවේඡන ඔයා හිස් මුදුනින් පිළිගන්නවා. හිතේ කනස්සල්ලෙන් ජීවත් වෙනවා. මෙහෙම කෙනෙක්ට අපි ශක්තිමත් කෙනෙක් කියනවද?
ඕනෙවට වඩා සංවේදී මිනිස්සු ගැටලුවක් පැන නංගම ඒකට උත්තර හොයනව වෙනුවට අධිකව කලබල වෙලා ප්‍රශ්න වැඩි කරගන්නවා. එහෙම කෙනෙක්ව වට්ටන්න බොහොම පොඩි තල්ලුවක් දුන්නම ඇති.
ඉතින් ඕනෙවට වඩා සංවේදී බව කියන්නෙ ඇත්තටම මිනිසෙක්ව දුර්වල කරන දෙයක්.
සංවේදීතාව තුළින් සමාජය ඉදිරියේ යහපත් සහ ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩනැගෙනව වගේම , අධි සංවේදීතාව තුළින් ගොඩනැගෙන්නෙ දුර්වල සහ අයහපත් ප්‍රතිරූපයක්.
සංවේදී මිනිසෙක් වීමේ වාසි සහ අවාසි ගැන කතා කළොත්..
සංවේදී මිනිසෙක් වීමේ ඇති වාසි
- ඔවුන්ට වෙනත් අය එක්ක පහසුවෙන් සහ මිත්රශීලීව සන්වේදනය කරන්න පුලුවන් වෙනවා. මිනිසුන්ගේ දුක සහ ශෝකය හඳුනගන්නත් ඒ හැඟීම් තේරුම් ගන්නත් පුලුවන් වෙනවා.
- මිනිසුන් ඔවුන්ව අගය කරනවා. ඔවුන්ව බය නැතුව ආස්‍රය කරනවා. ඔවුන්ව ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා මිනිසුන් ඔවුන්ට ඉතාමත් සමීප වෙනවා.
- ඔවුන් අනිත් මිනිසුන් ගැන වගවෙනව කියල සමාජය තේරුම් ගත්තම , සමාජයත් ඔවුන් වෙනුවෙන් වගවෙනවා.
- ඔවුන්ගේ පිහිට සහ ඔවුන්ගෙ උදව් ඉල්ලන්න මිනිස්සු පසුබට වෙන්නෑ. මොකද මිනිස්සු දන්නවා ඔවුන් සැබැවින්ම අන් අය ගැන හිතනව කියල සහ අන් අයගේ දුක තේරුම් ගන්නවා කියලා. ඒ නිසා මිනිසුන් ඒ වගේ අයට ගෞරව කරනවා.
- ඔවුන් සමාජය තුළ විශේෂිත පුද්ගලයන් ලෙස කැපිලා පේනවා.
අධි සංවේදී මිනිසෙකු වීමේ ඇති අවාසි
- ඕනෙවට වඩා හැමදේ ගැනම බැරෑරුම් ලෙස සිතීම. අධි සංවේදීත්වයේ ලොකුම ගැටලුව තමයි මේක. Over thinking කියන්නෙත් මේකටම තමා. ඒක පෞද්ගලික ජීවිතයට හානිකර බලපෑමක් කරන දෙයක්.
- අධිසංවේදී මිනිසුන්ගෙ තවත් එක හානිකර ලක්ෂණයක් තමයි , නිතරම අධෛර්ය්යයට පත් වීම. බොහොම සුලු දේවල් වලින් පවා , අධිකව සංවේදී මිනිසුන් අධෛර්ය්යයට පත් වෙනවා.
- ඔවුන් , වෙනස් විය යුත්තේ තමන් යැයි සිතෙනවා. ඒ කියන්නෙ තමන් ගැන නිසි ආත්ම විශ්වාසයක් නෑ.
- ඔවුන් හැඟීම් වලට අවනත වෙලා අනියත තීරණ ගන්නවා. ඒව ඔවුන්ට වගේම ඔවුන්ගෙ සමීපතමයන්ටත් හානිකර වෙන්න පුලුවන්.
මිනිසෙක් සංවේදී වෙනව කියන්නෙ ඒ මිනිහා කොන්ද පණ නැති කෙනෙක් වෙනව කියන එකට නෙවෙයි. අද සමාජයේ තියෙන මතයක් තමයි කෙනෙක් සංවේදී නම් එයාට කොන්දක් නෑ කියන එක. ඇත්තටම ශක්තිමත් නැත්තෙ අධිසංවේදී මිනිසුන් ට සහ සංවේදී නොවන මිනිසුන්ට.
සංවේදී නොවන මිනිසුන් කියල ජාතියක් නෑ ඇත්තටම. මොකද හැමෝම මොන දේකට හරි සංවේදී.
උදාහරණයකට මේ සිංදුව ගන්න.
ZD8 by Charitha
අපේ අක්කට සාමාන්යෙන් මෙලෝ දේකට දුක හිතෙන්නෑ. එයා කිසිම වෙලාවක කිසිම දෙයක් නිසා දුක හිතිලා තියෙනව මම දැකල නෑ. ඒත් එයා කිව්වා මේ සිංදුව නිසා එයාට දුක හිතුනා කියලා.
ඒ කියන්නෙ එයා සංවේදී කෙනෙක්. හැබැයි ඕවර් සෙන්සිටිව් නෙවෙයි.
හැබැයි මම ඊට හාත්පසින්ම වෙනස්. මම මේ සිංදුව එකදිගට කීප පාරක්ම ඇහුවා. ඒ හැම පාරකම මම කඳුලු පෙර පෙර ඇඬුවා , මිනිස්සුන්ට වෙන අසාධාරණකම් ඉවසගන්න බැරුව. ඒ වගේම මම තාමත් යාලුවො ඉස්සරහ පවා අඬනවා. (ට්‍රිප් එකක් ගිහින් ඇඬුවා අම්මා ඕනෙ කියල😅).
ඉතින් ඔයාලට තේරෙනවනෙ. මම අධි සංවේදී කෙනෙක්. ඇත්තටම දුර්වල මම. මගේ අක්කා සංවේදී කෙනෙක්. සංවේදි බව මිනිසෙක්ව ශක්තිමත් කරනවා.
සංවේදි මිනිසෙක් වෙනව කියන්නෙ ඒක දුර්වලකමක් නෙවෙයි. හැබැයි අධිසංවේදී මිනිසෙක් හෝ සංවේදිබවක් නැති මිනිසෙක් වෙනව කියන්නෙ , අන්න ඒක දුර්වලකමක්.
උදව්වක් උනා කියල හිතෙනවා.
Learn More
HSP HSP 11