LearnBits Admin Notice

 Admin Notice 

සක්‍රීය සාමාජිකයන් සියලුම දෙනා කියවන්න.

 
විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා හැමෝටම. LearnBits චැනල් එක සම්බන්ධව. ඒ වගේම කරුණු කීපයක් පහදන්නත් තියෙනවා. පුලුවන් නං ඉවර වෙනකං කියවන්න. ඒ උනාට priority එක දෙන්න පළවෙනි දැනුම් දීමට.

 

 චැනල් එක ඉදිරි මාස දෙක හෝ තුන පොඩ්ඩක් Slow වෙයි!

 
ඔයාල සමහරු දැනටමත් දන්නව ඇති LearnBits චැනල් එකේ ඉන්නෙ එක ඇඩ්මින් කෙනයි. අපි අපි කිව්වට ඇත්තටම මෙච්චර කල් චැනල් එක කලේ මම තනියම. ඉදිරියටත් ඒක එහෙමම වේවි. ඉතින් මම මේ අවුරුද්දෙ A/L කියල සමහරු දන්නවනෙ.

ඒ නිසා ඉදිරි මාස දෙක හෝ තුන තුළ චැනල් එකේ පළ වන post ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. ඒකෙන් චැනල් එකට වෙන හානිය මගහරවන්න ඕනෙ නිසා මීළඟ මාස දෙක තුනේ බාහිර categories වලට අයත් post පළ කරන්නෙ නෑ. (Thoughts , quotes).

චැනල් එක ඩෙඩ් වෙන්න දෙන්නෑ. දවසට එක පෝස්ට් එකක් හරි පළවේවි. වෙනද තරන් නැති වේවි. විශේෂයෙන්ම කියන්න ඕනෙ උනේ ඒකයි. මම වැඩිය promotion දැම්මෙත් නැත්තෙ කොට උඩ තියාගෙන චැනල් එක ලොකු කරන එක මට හානියක් වෙන නිසා. විභාගෙන් පස්සෙ ලොකුවට කරමු. එතකං silent එකේ ගේම ගහමු.

 

 LearnBits Q A සම්බන්ධව.

 
පුලුවන් නං LearnBits තුළින් අහන්න ඉන්න ප්‍රශ්න මේ මාස දෙකට සීමා කරන් ඉන්න. මොකද ගොඩක් කල් යයි උත්තරයක් දාන්න. මට බොරුවට මොනව හරි කියන්න ඕනෙ නෑ. කොහෙන් හරි ඇත්තම කරුණු හොයල දෙන්නනෙ උත්සාහ කරන්නෙ. ඒ නිසා ඒ දේවල් පුලුවන් නං මේ ටික කාලෙට ඔයාල ළඟම තියාගන්න. ලොකුම ප්‍රශ්නයක් තියෙනව නං අහන්න.

 

 LearnBits නව Instant View interface එක සම්බන්ධව

 
දැනට කීප දෙනෙක්ම මගෙන් පෞද්ගලිකව ඇහුවා telegraph එකකට voice එකක් දාන්නෙ කොහොමද , image slideshow හදන්නෙ කොහොමද කියල. ඇත්තටම telegra.ph එකකට ඔය දැනට ඇඩ් කරන්න පුලුවන් දේවල් වලට අමතරව වෙන මුකුත් ඇඩ් කරන්න බෑ.

මොකද telegraph api එකේ තාම අප්ඩේට් එකක් නෑ. ඒ වගේම මම භාවිතා කරන්නෙ telegraph නෙවෙයි. මගේම site එකක්. blog එකක් ඇත්තටම. මම ඒ සයිට් එකට දාන posts articles , මම හදපු instant view generator එකකට දාල instant view එකක් කරලයි චැනල් එකේ දාන්නෙ. ඒ ආටිකල් එකක ලින්ක් එකක් අරන් බැලුව නං ඒ ලින්ක් එකක් හෙන අමුතුයි කියල පෙනෙයි. instant view Template එක හැදුවෙ මාස 6ක් තිස්සෙ තටමල. පස්සෙ මම html පුරුදු උනා. ඊට පස්සෙ තමා යන්තන් මේ Template එක හදාගත්තෙ.

මම දැනට ඒ Template එක කාටවත් විවෘත කරන්න හිතාගෙන නෑ. මොකද ඒකට උන මහන්සියට මට ඒක නිකංම ලෝකෙට විවෘත කරන්න ලෝබයි. ඉස්සරහට සලකල බලන්නං. ඔයාල කාටහරිත් ඔයාලගෙ වෙබ්සයිට් එකකට instant view Template එකක් හදාගන්න ඕන්නං මුලින් HTML පුරුදු වෙන්න. ඊට පස්සෙ xpath query ඉගෙනගන්න. එතකොට ගේමක් නෑ. html විතරක් තිබ්බත් ඇති. මට කිසිම coding දැනුමක් තිබ්බෙ නෑ 2022 මැයි මාසෙ වෙනකංම. මම html පුරුදු උනේ පැය තුනෙන්😅. ඉතින් මගෙ දැනුමත් තාම හරියටම නෑ. මම ඊට වඩා ඒකට කාලය යොදන්නෙත් නෑ දැන්ම.

 

 LearnBits ඉදිරි කටයුතු ගැන පොඩි ඉඟියක්

 
LearnBits අලුත් පියවරකට යන්න හිතන් ඉන්නවා. අලුත් අංගයන් කීපයක් එක්කම. ඉදිරියේදි ඒ ගැන ලොකු විස්තරයක් දාන්නම්. බොහෝ විට චැනල් එකේ අප්ඩේට් එකක් එයි ලබන අවුරුද්දෙ මුල් මාසෙ විතර. ඒ වෙනකොට මම චැනල් එක ස්ථාවර කරගන්නම්. දැනට ඊට වඩා සඳහන් කරන්න බෑ. හැබැයි පුංචි ඉඟියක් දෙන්නං. LearnBits premiu.....

 

දැනට එපමණයි එහෙනං. සුභ දවසක්

Post a Comment

Previous Post Next Post

Contact Form